University of Colombo School of Computing, 35, Reid Avenue, Colombo 7, Sri Lanka
Phone : (94–11-) 2589123 , Fax : (94-11-) 2587239
Email: kasun AT ucsc DOT cmb DOT ac DOT lk

Friday, November 4, 2022

දුරකථන කූළුනු වාර්ථා

 අධිකරණය නොමඟ යවන දුරකථන කුළුනු වාර්තාව

ආචාර්ය කසුන් ද සොයිසා

පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය

කොළඹ විශ්ව විද්‍යාලය


අධිකරණය සැකකරුවන් සිටි ස්ථාන හඳුනා ගැනීම සඳහා දුරකථන කූළුනු වාර්තා නිතර කැදවයි. දුරකථන කූළුනු වාර්තා මඟින් යමකූ සිටි ස්‍ථාන ඉතා නිවැරදිව පැවසිය හැකි බව අධිකරණය උපකල්පනය කරයි. එම උපකල්පනයේ ඇති නිවරදිතාවය අධිකරණය විසින් ප්‍රශ්න කීරීමට ලක් නොකරණ අතර, මෙම ලිපියේ අරමුණ එහි ඇති නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කිරීම වේ.  ප්‍රථමයෙන් අපි ජංගම දුරකථන ආධාරයෙන් කෙනෙකු සිටිනා ස්‍ථානය හඳුනා ගන්නා අයුරු අවබෝධ කරගනිමු.

ජංගම දුරකථන තිබෙන ස්‍ථානය හඳුනා ගත හැකි ආකාර කිහිපයක් තිබේ. ඒවා නම්,  ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS), වයිෆයි (Wifi) සංඥ සහ දුරකථන කුලුනු වාර්තාය.  

1. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS))

ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS))  මඟින් ජංගම දුරකථන තිබෙන ස්‍ථානය ඉතා නිවැරදිව හඳුනා ගත හැක. මෙහිදී,  GPS  චන්ද්‍රකාව මඟින් නිකුත් කරනු ලබන සංඥ, ජංගම දුරකථනය මඟින් ග්‍රහනය කරනු ලබයි.  චන්ද්‍රකාව සංඥව නිකුත් කල කාලය සහ දුරකථනයට එය ලැබුන කාලය අතර පරතරය මඟින් දුරකථනයේ සිට චන්ද්‍රකාවට ඇති දුර ගණනය කරයි. අපගේ දුරකථනයේ සිට චන්ද්‍රකා හතරකට ඇති දුර දන්නේ නම්‍ දුරකථනය පවතින ස්ථානය පහත සමීකරණ හතර විසදීම මඟින් ඉතා නිවරදි ලෙස ගණනය කල හැකිය. 


මෙහිදී GPS  චන්ද්‍රකාවේ වේලාව සහ දුරකථනයේ වේලාව අතර පවතින වෙනසමඟින් දැක්වේ. x,y, සහ z යනු GPS සංඥව ලබන්නා (දුරකථනය) පවතින ස්‍ථානය වන අතර,  c යනු ආලෝකයේ වේගය වේ.  මෙහිදී අන් සියලු අගයන් දන්නා බැවින්, නොදන්නා x,y, සහ z යන අගයන් ඉහත සමීකරණ හතර විසඳීම මඟින් ගණනය කල හැකිය.  

ලොව ඕනෑම තැනක ඇති  GPS සංඥව ලබාගත හැකි උපකරණයකට,  GPS චන්ද්‍රකා හතරක සංඥ ලැබෙන පරිදි,  GPS චන්ද්‍රකා 32 ඇමරිකාව මඟින් උඩු ගුවනේ කක්ෂගත කර තිබේ. රුසියාච මඟින් ද මෙවැනි චන්ද්‍රකා 24 උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන අතර, එය GLONASS චන්ද්‍රකා ලෙස හැඳින් වේ. සමහර උපකරණ වලට GPS සහ GLONASS යන චන්ද්‍රකා පද්ධති දෙකෙහිම සංඥ ලබා ගත හැකි අතර, එහි දී ඉතා නිවැරදි ලෙස එම උපකරණය ඇති ස්‍ථානය ගණනය කල හැකිය.

නූතන ජංගම දුරකථන තුල GPS හෝ GLONASS හෝ මෙම චන්ද්‍රකා පද්ධති දෙක මඟින්ම හෝ නිකුත් වන සංඥ ලබාගත හැකි චිපයක් තිබේ. ජංගම දුරකථයේ ඇති මූද්‍රකාංග දුරකථනය පවතින ස්ථානය එමඟින් ඉතා නිවැරදී ලෙස ලබා ගනියි.  ජංගම දුරකථනයේ ඇති සමහර මූද්‍රකාංග මෙම තොරතුරු ජංගම දුරකථනය තුල පටිගත කරයි. මෙම තොරතුරු, දුරකථන හිමි කරුගේ අවසරයකින් තොරව, වෙනත් අයටකුට ලබා ගත නොහැකිය.  එනමුත් දුරකථන හිමි කරුට නොදැනෙන ලෙස, මෙම තොරතුරු,  වෙනත් අයට ලබා දෙන මුද්‍රකාංගයක් ජංගම දුරකථනයක් තුල ස්ථාපිත කල හැකිය. අපරාධ පරීක්ෂකයන් හට මෙවැනි මුද්‍රකාංග භාවිතයෙන්, අපරධ කරුවකුගේ ක්‍රියාකාරිත්වය ඉතා නිවැරදි ලෙස නිරීක්ෂනය කල හැක. 

මෙවැනි මුද්‍රකාංගයක් ස්ථාපිත කර නොමැති අවස්ථාවක දී,  අපරාධකරුවකු ලඟ තිබී අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථනයක් මඟින්  අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හෝ ඇය සිට ස්ථාන ලබාගත නොහැකිය. එහෙත් සමහර අවස්ථාවල දී, ජංගම දුරකථනය තුල තිබෙනා සමහර මුද්‍රකාංග මඟින් ඔහු හෝ ඇය සිට ස්ථානය දුරකථනය තුල තුල පටිගතවී තිබිය හැක. එම අවස්‍ථා වල දී පමනක් අත්අඩංගුවට පෙර ඔහු හො ඇය සිට ස්ථාන  ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය.


2. වයිෆයි (Wifi) සංඥ

නූතන ජංගම දුරකථන ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා වයිෆයි(Wifi) යන රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය භාවිථා කරයි. මෙම තාක්ෂණය ඔස්සේ ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා ජංගම දුරකථන, වයිෆයි රවුටරයක් සමඟ සම්බද වේ. එහිදි එම වයිෆයි රවුටරය පිළිබඳ තොරතුරු ජංගම දුරකථනයේ සටහන් වේ. මෙම  වයිෆයි රවුටර තිබුන ස්ථාන අපි දන්නේ නම්, එමඟින් ජංගම දුරකථනය තිබූ ස්ථානය අනුමාන කල හැකිය. 

මෙලෙස භාවිතයට ගෙන තිබෙන වයිෆයි රවුටරය මඟින්, දුරකථනය තිබුන ස්‍ථාන පිළිබද වාර්තාවක් ලබා ගත හැකි වේ.  මෙම වාර්තාව මඟින් අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හො ඇය සිට ස්ථාන ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය. එනමුත් අපගේ අධිකරණ තුල එවැනි වාර්තා භාවිතා වනුයේ අල්ප වශයෙනි. 


3.  දුරකථන කුළුනු

ජංගම දුරකථනය තිබෙන හෝ තිබුනු ස්‍ථානය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිථා වනුයේ දුරකථන කුළුනු වාර්තාය. ජංගම දුරකථන ඇමතුම් ලාබා දීම සහ ලබා ගැනීම සඳහා ජංගම දුරකථනය අනිවාර්යෙයෙන්ම දුරකථන කුළුනක් සමඟ සම්භන්ද විය යුතුය.  සෑම දුරකථන කුළුනුනක්ම ඒ සමඟ සම්භන්ද වි ඇති ජංගම දුරකථනයේ  තොරතුරු පටිගත කර ගනියි.  දෙන ලද ජංගම දුරකථනයක්, දෙන ලද කාලයක් තුල සම්බන්ද වි තිබුනු දුරකථන කුළුනු පිළිබඳ වාර්තාවක්, අධිකරණ නියෝගයක් මඟින් දුරකථන සමාගම් ලබා දේ. මෙය දුරකථන කුළුනු වාර්තාවක් ලෙස හැඳින් වේ. අපරාධ කරුවකු සිටි ස්‍ථානය තහවරු කර ගැනීම සඳහා බොහෝ විට භාවිතයට ගනු ලබන්නේ මෙම දුරකථන කුළුනු වාර්තාවය.

මෙයට අමතරව ජංගම දුරකථනයෙන් නිකුත්වන  තරංග වල ප්‍රබලතාවය මඟින් ද, ජංගම දුරකථනය, කුළුනේ සිට කොපමන දුරකින් තිබුනෙ දැයි දැන ගත හැකිය. ජංගම දුරකථනය සම්බන්ද වූ කුළුන පමනක් නොව ඒ අවට පවතින අනෙකුත් දුරකථනය කුළුනු වෙත ද, ජංගම දුරකථනයෙන් නිකුත්වන  තරංග ගමන් කරයි. එම තරංග වල ප්‍රබලතාවය මඟින් දුරකථන කුළුනු අවට සැරිසරණ ජංගම දුරකථන වලට, කුළුනේ සිට ඇති දුර ගණනය කල හැකිය.  දුරකථන කුළුනු තුනක් මඟින් ලබා ගනු ලබන මෙම තොරතුරු මඟින් දුරකථනය ඇති ස්ථානය පහත රූපයේ දැක්වෙන පරිදි ඉතා නිවැරදි ලෙස පැවසිය හැකිය.   



මෙම රූපයේ දැක්වෙන පරිදි, රතු සළකුනින් පෙන්වා ඇති ජංගම දුරකථනය, තැබිලි කුළුනේ සිට සැතපුම් 4 දුරින් ද, කොල කුළුනේ සිට සැතපුම් 5 දුරින් ද, නිල් කුළුනේ සිට සැතපුම් 5 දුරින් ද පවතියි. මෙය GPS තාක්ෂනය තරම් නිවැරදි නොවූවද, මෙම ක්‍රමය මඟින් අපරාධකරුවකු සිටි හෝ සිටිනා ස්ථානය 500m පමන නිවැරදිතාවයකින් කිව හැකිය.  දුරකථන කුළුනු වැඩි නගරබද පෙදෙසක දී එහි නිවැරදිතාවය ඉතා වැඩි අතර, දුරකථන කුළුනු අඩු ගම්බද පෙදසක දී, එහි නිවැරදිතාවය අඩු වේ.

මෙම ක්‍රමය මඟින් ජංගම දුරකථනය පවතින ස්‍ථානය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු, ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් ලංකාවේ සමහර ජංගම දුරකථනය සමාගම් සතු නොවන අතර, අවශ්‍ය පහසුකම් තිබුන ද එම තොරතුරු අපගේ අධිකරණ වෙත ලබා නො දේ. 

ජංගම දුරකථන සමාගම් අධිකරණය වෙත ලබා දෙන ජංගම දුරකථන වාර්තාවල පවතින්නේ, දෙන ලද ජංගම දුරකථනය, දෙන ලද කාලය තුල සම්බන්ද වි තිබුනු දුරකථන කුළුනු පිළිබඳ තොරතුරු පමණි. මෙම වාර්තාව අනුව, දුරකථන කුළුනට ආසන්න ස්ථානයක අපරාධකරු රෑදී සිටියි හෝ රෑදී සිට ඇතැයි අපි නිගමනය කරමු.

එම නිගමනය නිවැරදි වනුයේ ජංගම දුරකථනය සෑම විටම ආසන්නතම කුළුනට සම්බන්ද වන්නේ නම් පමනි. එනමුත් ජංගම දුරකථනය සෑම විටම ආසන්නතම දුරකථන කුළුනට සම්බන්ද නොවේ. ජංගම දුරකථනයක් දුරකථන කුළුනකට සම්බන්ද වීමට බලපානු ලබන කරුනු පහත දැක්වේ.

  • පවතින කාලගුන තත්වය
  • දුරකථනයෙන් සහ දුරකථන කුළුනේන් නිකුත්වන  තරංග වල ප්‍රබලතාවය
  • දුරකථන කුළුනු නඩත්තු කිරිමේ සහ විදුලි විසන් දි වීමේ අවස්ථාවන්
  • දුරකථනය පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය
  • දුරකථන කුළුනේ උපරිම ධාරතාවය ඉක්මවීම

ජංගම දුරකථනයක් කුළුනක් සමඟ සම්බන්ද වීමට බලපාන මූලික කරුනු වනුයේ,  දුරකථනය සහ දුරකථන කුළුන අතර තරංග වල ප්‍රබලතාවය සහ දුරකථන කුළුනේ උපරිම ධාරතාවයයි.  සාමන්‍යයෙන් ජංගම දූරකථනය, හොදම තරංග ප්‍රබලතාවය පවතින දුරකථන කුළුන සමඟ සම්බන්ද වේ. හොදම තරංග ප්‍රබලතාවයක් පැවතියද,  දුරකථන කුළුනේ උපරිම ධාරිතාවය ඉක්මවා ඇතිවිට ජංගම දූරකථනය වෙනත් ආසන්න දුරකථන කුළුනක් සමඟ සම්බන්ද වේ.  

තරංග වල ප්‍රබලතාවයට පවතින කාලගුන තත්වය තදින් බලපානු ලබයි.  වැසි සහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනක් වෙතින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවය, වැසි රහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනකින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවයට වඩා අඩුය. එබැවින් අපරාධකරු වැසි වසින අවස්සථාවක දුරකථන කුළුන ආසන්නයේ සිටිය ද ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය සම්බන්ද වනුයේ වැසි නොමැති ප්‍රදේශයේ ඇති දුරකථන කුළුනකට විය හැකිය. 


උදාහරණයක් ලෙස, 2775 ලෙස සඳහන් දුරකථන කුළුන ඇති ප්‍රදේශයේ වර්ෂාව පවතී නම්, කහගොල්ල ප්‍රදේශයේ තිබෙන ජංගම දුරකථනයක් දියතලාව ප්‍රදේශය ආසන්නයේ ඇති 2791 දරණ දුරකථන කුළුනට සම්බද විය හැකිය.  මෙහි දී අප ලබාගන්කනා දුරකථන වාර්තාව අනුව, කහගොල්ල ප්‍රදේශයේ සිටින්නකු, දියතලාව ප්‍රදේශය සිටින්නකු ලෙස වරදවා වටහා ගනියි.




බොහෝ පිරිසක් රැදී සිටිය හැකි ස්ථාන අසල ඇති දුරකථන කුළුනු,  උපරිම ධාරතාවයට පැමිණිම නිසා ඒ අසල ඇති බොහෝ ජංගම දුරකථන වෙනත් දුරකථන කුළුනු සමඟ සම්බන්ධ විය හැකිය. 

උදාහරණයක් ලෙස රෝගීන් බහුල අවස්ථාවක දී, 232 දරණ දුරකථන කුළුන උපරිම ධාරතාවයට පැමිණ තිබිය හැකි බැවින්, ඩරඩනස් රෝහල අසල සිටින අයකුගේ ජංගම දුරකථනය 312 දරණ දුරකථන කුළුනට සම්බන්ද විය හැකිය. මෙහි දී ඩරඩනස් රෝහල අසල සිටින අයකු කාගිල්ස් වෙලඳසල තුල සිට ඇතැයි වරදවා වටහාගනු ඇත.

දුරකථන කුළුනු නඩත්තු කිරිමේ අවස්ථාවක දී හෝ විදුලි විසන්දි වීමක දී දුරකථන කුළුන අක්‍රීයව පැවතිය හැකි බැවින්, ඒ අසල සිටින අයගේ ජංගම දුරකථනය ඉතා ඇතින් පිහිටි දුරකථන කුළුනක් සමඟ සම්බන්ද විය හැක. මෙහි දී අක්‍රීය වූ දුරකථන කුළුනු අසල සිටින අයකු, වෙනත් ප්‍රදේශයක සිට ඇතැයි වරදවා වටහාගනු ඇත.

කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා කුළුනේන් නිකුත්වන තරංග ලගා නොවන ප්‍රදේශ දුරකථන කුළුනක සෙවනැලි පෙදෙසක් ලෙස හැඳින්වේ. කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා දුරකථන කුළුනක් ආසන්නයේ සිටිය ද ලැබෙන තරංගය බොහෝ විට දුර්වල වේ.  මෙවැනි සෙවනැලි පෙදෙසක සිටින අයකුගේ දුරකථනය, කුළුනට බොහෝ ඈතින් පවතින වෙනත් දුරකථන කුළුනකට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, කුළුනු පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය අධ්‍යයනය කල යුතුය.

මේ අනුව, දුරකථන කුළුනු වාර්තාවක සදහන් කුළුන, ජංගම දුරකථනය භාවිථා කරන්නා රැදී සිටි ආසන්ම ස්ථානය ලෙස සැලකීම  සැමවිටම නිවැරදි නොවේ.    දුරකථන කුළුනු බොහෝ පවතින නාගරික ප්‍රදේශ වලදී මෙම වරද මඟින් සැලකිය යුතු බලපැමක් සිදු නොවන අතර,  දුරකථන කුළුනු දුලබ ස්‍ථාන වල දී, මෙම වරද සැලකිය යුතු මට්ටමකට පැමිණිය හැක. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, පහත කරුනු සළකා බැලීම අනීවාර්යය වේ.

  • වාර්තාවට අදාල කාලය තුල ප්‍රදේශයේ පැවති කාලගුන තත්වය
  • එම කාලය තුල විදුලි චිසන්දි විම හෝ දුරකථන කුළුනු නඩත්තු කිරිම සිඳු කර තිබේ ද යන්න
  • දුරකථන කුළුන පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය
  • ප්‍රශ්න ගත දුරකථන කුළුන පවතින ප්‍රදේශය තුල වැඩි පිරිසක් රැස්වී නිසා,  එහි උපරිම ධාරතාවය ඉක්මවා තිබුනේ ද යන්න
  • මෙම කරුණු නොසලකා හරිමින් ඉදිරිපත් වන දුරකථන කුළුනු වාර්තා සත්‍ය තොරතුරක් ලෙස අධිකරණය පිළිගනු ලැබීම නිසා අපරාධකරුවන් නිදහස් විමට ද, නිවැරදි පුද්ගලයන් අපරාධකරුවන් විමට හැකියාවක් පවතී. එබැවින් දුරකථන කුළුනු වාර්තා මත නිගමන වලට එලඹීමට ප්‍රථම ඉහත සාධක ද සලකා බැලීම නුවනැති කරුණකි. අපරාධ විමර්ශන කටයුතු වලට දුරකථන කුළුනු වාර්තා මඟින් සුවිශාල සේවයක් සිඳු වුවද, එම  වාර්තා පරම සත්‍ය වාර්තා ලෙස සැලකිය නොහැකි බව ඔබට දැන් වැටහෙනු ඇතැයි මම සිතමි. 





    Thursday, October 14, 2021

    Sunday, August 15, 2021

    සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න (Slavery, time for stop it) !!


    ජනාධිපති ලිනකන් 1862 දී වහලුන් හට නිදහස ලබා දුන් වග අපි දනිමු. වැටුප් නොලබා ජීවිත කාලයම වෙනකෙකුට සේවය කරන්න් වහලුන් වේ. සත්‍ය ලෙසම ලිනකන් එදා සිටි වහලුන් නිදහස් කලද අපි අද වහලුන් වී සිටිමු. එදා වහලුන් දක්නට ලැබුනු ආයතන තුල අද වහලුන් නොසිටිය ද බොහෝ අයතන සහ පුද්ගලය සඳහා අපි වහල් සේවය සපයමු. අපි අද දේශපාලන සහ සමාජ ජාලා වහලුන් වී සිටිමු. එදා සිටි වහලුන් උන් වහලුන් වග දැන සිටිය ද අපි අද එය නොදනී. 

    කාලය සහ ධනය වැය කරමින්  සමාජ ජාලා සහ දේශපාලුවන් හට සතුටින් සේවය කරණ කීකරු අසරණ වහලුන් අපි වෙමු. අපි සේච්චාවෙන් දෙනු ලබන අපගේ තොරතුරු අන් අයට විකුනා සමාජ ජාලා හිමි කරුවන් ධනවත් වේ. අපි සේච්චාවෙන් දෙනු ලබන බලය අවභාවිතා කර දේශපාලුවන් ධනවත් වේ. අපි අපගේ කාලය සහ ධනය අපතේ යවමින් දින දින දුප්පත් වෙමු. සමාජ ජාලා සමාගම් අධික ලාබයක් ලබනුයේ අප වැනි තොරතුරු සපයන අහින්සක මෝඩයින් නිසාය. සමාජ ජාලා සමාගම් අපට නොමිලේ සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි සමාජ ජාල සමාගම් වලට අපි නොමිලේ සේවය කිරීමය. මැති ඇමතිවරු අපට සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි එතුමන්ලාට  නොමිලේ සේවය කිරීමය. ඔබගේ වහල් සේවය මදකට නවතා නැවත සිතීමට කාලය පැමින තිබේ.

    දිනකට අන්තර් ජාලය තුල ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා දැයි නැවත සිතන්න. ඔබ කොපමන මුදලක් අන්තර් ජාල පහසුකම වෙනුවෙන් වැය කරනු ලබනවා ද කියා සිතන්න.  ඔබ වැය කරණ කාලය සහ මුදලින් හරි අඩක් හෝ වැඩි කොටසක් ඔබ වැය කරනු ලබන්නේ අන්තර් ජාලය තුල රස්තියාදු වීමටය. සමාජ ජාලා සමාගම් වලට දත්ත සැපයීමටය.  ඡායාරූප, වීඩියෝ දර්ශන, කොමෙන්ටු හෝ ලයික් ලෙස ඔබ සපයනුයේ එම ආයතන සඳහා අවැසි දත්තය. මේදින වලදී ඔබ අසරණව නිවසේ සිටිමින් වැඩි වැඩියෙන් එම සමාගම් වලට කරනු ලැබූ සේවය නිසා, එම සමාගම්, වැඩි වැඩි යෙන් ලාබ උපයා ගනී.  ඔබගේ සේවය සඳහා සමහර සමාගම් ඔබට යම් මුදලක් ගෙවනු ලැබූව ද බොහෝ සමාගම් ඔබගේ සේවයට කිසි දිනක මුදල් නොගෙවනු ඇත. ඔබ නොදැනුවත්වම සමාජ ජාල වහලකු වි තිබේ. ඔබ නිදිවරමින් මේ සේවය කරන්නේ බහු ජාතික සමාජ ජාලා සමාගම් වෙතය. 

    නැවත සිතන්නට මේ හොදම කාලයයි. අපි තවදුරටත් සමාජ ජාලා සමාගම් වල වහලුන් නොවන බව පෙන්විමට මේ හොදම කාලයයි. එවිට ඔවුන් ලබනා අධික ලාබයේන් කොටසක් හෝ‍ අප වැනි අසරණ වහලුන් වෙත ලබා දීමට එම සමාගම් වලට සිදුවනු ඇත. 

    දේශපාලක උතුමන්ලාගේ අතේ පැලවෙන බොරු අසා සිටීමට ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා ද කියා නැවත සිතන්න. එතුමන් ලා පවසන්නේ බොරු බව දැන දැනත්, ඔබ එය අසා සිටීයි. කොපමන පොස්ට් එතුමන්ලා ට එරෙහිව කොටනු ලැබූව ද, තට්ටු මාරුවට එතුමන් ලාම බලයට ගෙන එනු ලබන බව එතුමන් ලා ද දැන සිටීයි. එබැවින් අප වැනි අසරණ වහලුන් හට දේශපාලක උතුමන් ලා කිසිදිනක සාධාරණයක් සිදු  නොකරනු ඇත. 

    දැන් පැමිණ ඇත්තේ සිතන්නට කාලයක් මිස සමාජ ජාලා වල කොටන්නට කාලයක් නොවේ. සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න.


    ආචාර්ය කසුන් ද සොයිසා
    පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය
    කොළඹ විශ්ව විද්‍යාලය



        


    Sunday, November 1, 2020

    Sunday, June 14, 2020

    Thursday, March 7, 2019

    Sunday, December 23, 2018

    Thursday, November 29, 2018

    ප්‍රවේසම් වන්න -ඔත්තූ කරුවකු සාක්කුවේ සිටියි


    ජංගම දුරකථනයක් සාක්කුවේ නැති අයකූ අද සමාජය තුල සොයාගත නොහැකිය. ජංගම දුරකථනය නිසා නැතිවී ගිය ගැන ද මේ දින වල වාර්තා වේ.ජංගම දුරකථනය යනු අපරාධ සමාජය වෙත හෙලිකර දෙනු ලබන සාක්ෂිකාරයකි. විටක සාක්ෂිකරුවකු වන ජංගම දුරකථනය තවත් විටක ඔබ ගැන සියල්ල පවසන ඔත්තූ කරුවකු ද විය හැකිය.



    ඔබ සම්බන්දතා පැවැත්වූ සියලු පුද්ගලයන්,ඔවුන් සමඟ කථා කළ කාලය සහ ලබා ගත් ඇමතූම් ගණන ඔබගේ ජංගම දුරකථනය ලබා දෙන මූලික තොරතුරුය.ජංගම දුරකථනය මගින් දූරකථන ඇමතූම් පහසුවෙන් පටිගත කල හැක.දූරකථන ඇමතූම් පිලිබද තොරතුරු ලබා ගැනීමට දූරකථන ඇමතූම් වලට රහසින් සවන් දුන්නෙ අතීතයේදීය.මේ දින වල මහත්වරු ලෙස සමාජය තුල පෙනී සිටිනා අය,මහත් හොරු බව හෙලිවූයේ ජංගම දුරකථන වලට පිංසිදු වන්නටය.

    ඔබ ආගිය තැන්,එම ස්ථාන වල රැදීසිටි දිනය සහ කාලය නූතන ජංගම දුරකථන තූල සටහන්ව ඇති තොරතුරු මඟින් නිවැරදිව කිව හැක. ඒ සදහා ඔත්තු කරුවන් යෙදවීමට අවශ්‍ය නැත.දූරකථන ඇමතූම් වලට රහසින් සවන් දීමට අවශ්‍ය නැත.එපමනක් නොව ඔබ ගමන් කළ වාහනය,ඇවිද ගිය දුර සහ ඔබ සිටි ඉරියව්ව පවා ජංගම දුරකථන දත්ත මඟින් දැන ගත හැකිය.දියවන්නාවේ සම හරක් තම දූරකථන ඇමතූම් වලට රහසින් සවන් දෙන බව පවසන්නෙ නූගත් කමටය.



    බොහො බැංකු ඔබගේ ණය කාඩ් පත මඟින් සිදුවන ගනුදෙනු ජංගම දූරකථනය වෙත ලබා දේ.එම තොරතූරු මඟින් ද ඔබ ආගිය තැන් මෙන්ම, මිලදී ගත් දේ පිළිබද තොරතුරු ලබා ගත හැක. තවද ඔබ බැංකු කටයුතු සදහා භාවිථා වන ජංගම දුරකථන මෘදුකාංග භාවිථා කර තිබේ නම්,ඔබගේ ගනුදෙනු කරුවන්, බැංකු ශේෂයන් සහ අනෙකුත් ගිනුම් තොරතුරු ජංගම දුරකථනය තුල සටහන් වී තිබිය හැකිය.

    ජංගම දුරකථනයක ඇති ඡායාරූප පවසන තොරතුරු අතිවිශාලය.ඡායාරූපය ගත් දිනය,වේලාව සහ ස්ථානය මෙවැනි ඡායාරූපය මඟින් ලාබා ගත හැකි මූලික තොරතුරුය.ඔබ සමාජ ජාල භාවිථා කර තිබේ නම් ජංගම දුරකථනය හරහා ඔබ සම්බන්‍දධතා පැවැත්වූවන් පිළිබද තොරතුරු,එහි ස්වභාවය කළ කී දැ පිළිබදව පිටු දහස් ගණනක වාර්තාවක් සැපයීමට අධිකරණ පරිගණක විද්‍යා මෘදුකාංගයකට ගතවන්නේ තත්පර කිහිපයක් පමණි.


    තවද ඔබගේ විද්‍යූත් තැපැල් ගිනුමට හෝ සමාජ ජාලා වෙබ් අඩවිය වෙත ඔබගේ ජංගම දුරක්‍ථන භාවිතයේන් පහසුවෙන් ඇතුලු විය හැකිය.ඒ සදහා ඔබගේ මුර පදය දැන සිටිය යුතු නැත. ඔබගේ ජංගම දුරකථනය මඟින් ඔබගේ විද්‍යූත් තැපැල් ගිනුමේ හෝ සමාජ ජාලා වෙබ් අඩවියේ මුර පදය පහසුවෙන් වෙනස් කල හැකිය.එලෙස මුර පදය වෙනස් කර,ඔබගේ ගිනුමට ඇතුලු වන්නකූ හට ඔබට සිදු කල හැකි හානිය අතිමහත් වේ.


    අපරාධ කරුවන් ගේ ජංගම දුරකථන පොලිස් නිළධාරියන් අතට පත්වූ විට ද අපරාධකරුවන් හට කිසිදු ගැලවීමක් නැත. අපරාධ පිළිබද සොයා යාමේදී ජංගම දුරකථනය අද දින සිදුකරණ සේවය අතිමහත්ය.පොලිස් නිළධාරින් ජංගම දුරකථන අධිකරණ පරිගණක විද්‍යා මෘදුකාංගයකට සම්බන්ධ කර බොහො තොරතුරු පාපෝච්චාරණය කරනු ලබන අවංක සාක්ෂි කරුවන් නිර්මානය කරගනියි.අපරාධකරුවන් ජංගම දුරකථන දත්ත මකා දැමූව ද ඒවා නැවත ලබා ගත හැකි පරිගණක මෘදුකාංග අද තිබේ.එම මෘදුකාංග මකා දැමූ දත්ත ඇසුරින් අපරාධය පිලිබද බොහෝ තොරතුරු තත්පර කිහිපයක් තුල නැවත ලබා දේ.


    ඔබගේ ජංගම දුරකථනය අලුත් වැඩියාව සදහා නොහදුනන ආයතන වෙත ලබා නොදිය යුතුය.අලුත් වැඩියාවේ දී හෝ,මේසය මත අමතක වූ විට දී හෝ,අපරාධ කරුවකු හට ඔබගේ ජංගම දුරකථනයේ ඇති දත්ත පිටපත් කර ගත හැක.අපරාධ කරුවන් කප්පන් ලබා ගැනීමට ද,ඔබගේ පවුල් ජීවිතය වියවුල් කිරීමට ද මෙලෙස පිටපත් කරගන්නා ලද දත්ත භාවිථා කරයි.


    ජංගම දුරකථන ඔබ ගැන බොහෝ රහසිගත තොරතුරු රහසිගතවම සටහන් කර ගනියි. එබැවින් එය සාක්ෂිකරුවකු මෙන්ම ඔත්තු කරුවකු ද වේ.ඔබගේ ජංගම දුරකථනය මඟින් ඔබ ගැන ලබා ගත හැකි රහසිගත තොරතුරු ගැන ඔබ දන්‍නේ නම් කිසිදා ඔබ එය භාවිථා නොකරනූ ඇත.

    ආචාර්ය කසුන් ද සොයිසා
    අධිකරණ පරිගණක විද්‍යාව සහ පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය
    කොළඹ විශ්ව විද්‍යාලය

    Tuesday, November 20, 2018

    Monday, November 12, 2018

    Saturday, September 15, 2018

    Smart Contracts: The Next Generation of Digital Commerce

    Smart Contracts: The Next Generation of Digital Commerce


    Cryptocurrencies have brought their own means of payment and next generation of business applications. One of the cryptocurrency platforms, Ethereum possesses enormous potential to create “Smart Contracts” that could change the way we interact on the web in the decades to come. The smart contracts are self- executing contracts where the terms of the agreement between buyer and seller are directly written into lines of code. The code and the agreements contained therein exist across a distributed, decentralized Blockchain network.

    Smart contracts can be used for voting, crowdfunding, blind auctions, multi-signature wallets and MUCH more.

    I will conduct a tutorial with a hands-on session on smart contracts on 29th September 2018.

    So you wanna build a smart contract? Perhaps you want to understand how they work. Regardless of your intentions, learning how smart contracts work is invaluable.

    Online Registration now opens.
    A limited number of seats (30) are available.


    Monday, April 16, 2018

    Cryptocurrency - සයිබර් කාසි



    ඩොලර් යුරෝ පැරදූ සයිබර් කාසි

    සල්ලි දෙවියන් ගේ මල්ලී බව බොහෝ අය පවසයිඩොලර් පවුම් සෙවීමට මිනිසුන් නොවිදින දුකක් නැතරටක භාවිථා වන මුදල් එකකයේ වටිනාකම තීරනය කරනු යේ එයට ඇති ඉල්ලුමය.සමහර රටවල් තම මුදල් ඒකකයේ වටිනාකම කෘතීමව පාලනය කරයිසමහර රටවල් එවා ඉල්ලුම සහ සැපයූම මත තීරණය වීමට ඉඩ දේඅද දිනයේ දීසයිබර් අවකාශය තුල සංසරණය වන සයිබර් මුදල් ඒකක ලොව බලවත් මුදල් ඒකක දරුනු පීඩනයකට ලක් කර තිබේ.

    ඔබ දන්නා පරිදි සයිබර් අවකාශයට ලෝක දේශ සීමාවන් අදාල නොවේ.අද දවසේ දී ලෝක දේශ සීමාවන් අදාල නොවන සයිබර් මුදල් ඒකක ද බිහිවී තිබේමෙවැනි මූදල් එකක දහසකට අධිම සංඛ්‍යවක් සයිබර් අවකාශය තුල සංසරණය වේඑම නූතන මුදල් ඒකක සහ සම්ප්‍රදායක මුදල් ඒකක අතර තියූනු තරඟයක් ඇතිවී තිබේ



    මුලින්ම ලොකයට හදුන්වා දුන් සයිබර් මුදල් ඒකකය බිට් කාසිය(Bitcoin)ලෙස හැදිනවේ.2009වසරේ දී තවමත් නොහදුනන අයකු(Satoshi Nakamoto)ප්‍රථම බිට් කාසිය සයිබර් අවකාශයට මුදා හැර තිබේ.බිට් කාසියට කිසිදු අයිතිකරුවකුවත් පාලකයකු වත් නැතඒවා කිසිදු රටක මහ බැංකුවට අයත් නොවේබිට් කාසි ය භාවිථා කරණ සියල්න් එහි අයිති කරුවන් වන අතර එහි අගය ඇති ඉල්ලුම සහ සැපයුම මත තීරණය වේ.එම කාසියේ අරම්භක වටිනාකම ඩොලර් එකක් වූ අතර,ආරම්භයේ දී එයට කිසිදු ඉල්ලුමක් නොතිබිනි.

    2010 සහ 2013වසර අතරේ දී නොහදුනන අයොජකයින් පිරිසක් මෙම අපූරු කාසිය මිලදී ගැනීම අරභයිඒ සමඟම සයිබර් පාතාලය මෙම කාසිය තම ගනු දෙනු සදහා යොදා ගනීයි.පසුව සයිබර් අවකාශය තුල ඇති බොහෝ වෙළද අයතන මෙම කාසිය භාවිථා කරයි.අද දවස වන විට බිට් කාසියට ඇති ඉල්ලුම සිතාගත නොහැකි තරම්ය. 2010 වසරේ දී ඇමරිකානු ඩොලර සියයකට අඩුවූ බිට් කාසියක අද මිල ඇමරිකානු ඩොලර් අටදහසකට (8000)වැඩිවේ. 2010 වසරේ දී බිටි කාසියක සියයක ඇමරිකානු ඩොලර් දස දහසක් අයෝජනය කල පුද්ගලයකු හට අද දින ඇමරිකානු ඩොලර් 800000 වැඩි වත්කමක් හිමි වී තිබේ.උදාහරණයක් ලෙස ලංකාව ග්‍රික් බැදුම්කර වෙනුවට බිට් කාසි මත මුදල් ආයෝජනය කලේ නම්අප සතූ බොහෝ විදේශ ණය අද දින ගෙවා දැමිය හැක වේඑනමුත් ඉතා අධික මිලකට අලෙවි වන බිට් කාසි මත අද සිදු කරණ අයෝජන,ඉතා අනතුරු දායක වේ.


    ආරම්භයේ දී සයිබර් අවකාශයට සීමාවී තිබූ බිට් කාසියඅද දවස වන විට සයිබර් අවකාශයෙන් පිට පැන තිබේමෙම කාසිය දැන් දැන් මිනිසුන් එදිනෙදා ගනු දෙනු සදහා ද යොදා ගනියිඕනෑම රටක සිට වෙනත් රටට සිටන හිතවතකු හට බිට් කාසි සැනකින් යැවිය හැකඒසදහා කිසිදු බැංකුවක සහාය අවශ්‍ය නොවේඑබැවින් කිසිදු රජයකට මෙම ගනු දෙනු පාලනය කල නොහැකිය

    ස්‍විඩනය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් මෙම කාසි නිත්‍යානුකූල මුදල් ඒකක ලෙස පිළිගෙන තිබේ.සමහර රටවල් ඒවා තහනම් කර ඇත.ස්කැන්ඩිනේවියන් රටවල් තුල බිට් කාසි තමන් ගේ රටවල මුදල් බවට හරවා ගැනීමට ටෙලර් (ATM) යන්ත්‍ර පවා ස්ථාපිත කර තිබේබොහෝ රටවල් බිට් කාසි වෙනුවට තමන්ගේ පාලනයට යටත් වෙනත් සයිබර් කාසි හදුන් වා දීමට පියවර ගණිමින් සිටීඒ සදහා හොදම උදාහරණය සිංගප්පූරුව යි.


    සෑම කාසියකම දෙපැත්තක් ඇති ලෙසම බිට් කාසි වලද හොද නරක දෙකම ඇතඅද දවස තූල බිට් කාසි වැඩිපුරම භාවිථා වන් නේ නිති විරෝදී ගනු දෙනු සදහායපරිගණක පාතාලය කප්පම් ගැනිම සදහා ද,කුඩු,අවි ආයුධ විකිනීම සදහා දරටවල් අතර මූදල් හුවමාරු කර ගැනීම සදහා දබිට් කාසිය භාවිථා කරයි.දේශපාලකයින් හොරකම් කල මුදල් සැගවීම සදහා ද බිට් කාසි භාවිථා කරයි.මෙම ගනු දෙනු රහසිගතව කර ගත හැකි ක්‍රම බිට් කාසිය මඟින් ඔවුන් නිර්මානය කර ගෙන තිබේමෙලස සංසරණය වන බිට් කාසි,ලොව පුරා ඇති බැංකු වෙත ඉතා දැඩි පීඩනයක් නුදුරු අනාගතයේ දී නිසැකවම ඇතිකරයි.

    බිට් කාසිය යනු සංකීර් ගණිත සමීකරණයකට අනුගත වන සංඛ්‍යාවකට දෙනු ලබන ත්‍යගයකිමෙම සමීකරණයට ගැලපෙන සංඛ්‍යාවන් ඇත්තේ සීමිත ගනණක් බැවින්,ලොවට සැපහිය හැක්කේ සීමාසහිත බිට් කාසි ප්‍රමානයකිලොව පූරා මිනිසුන් සහ ආයතන මෙම අපූරු සංඛ්‍යා සෙවිමේ යෙදී සිටීමෙම සංඛ්‍යා සොයාගන්නා ඕනෑම අයකු හට නියමිත බිට් කාසි ප්‍රමානයක් හිමි වේඅද දිනයේ දී බිට් කාසියක් සොයා ගැනීම ඉතා අසීරු වී ඇති බැවින් බොහෝ පුද්ගලයින් සිදු කරණුයේ බිට් කාසි මිලදී ගැනීමයි.

    බිට් කාසියක් භාවිතයට පෙර,බිට් කාසි ලිපිනයක් සාදාගත යුතුවේ.එවැනි ලිපිනයන් සාදා ගත හැකි විවෘත පරිගණක මුද්‍රකාංග සයිබර් අවකාශයේ තිබේබිට් කාසි හුවමාරුව මෙවැනි ලිපිනයන් අතර සිදුවේඕනෑම අයකුට බිට් කාසි ලිපිනයන් ඕනෑම ගනණක් තිබිය හැකිය.බිට් කාසි ලිපිනයන් අතර සිදුවන සෑම ගනුදෙනු වක්මබිට් කාසි සෙවීමේ යෙදී සිටින සියලු පරිගණක තුල සටහන් වේ.එබැවින් තහවරු වන බිට් කාසි ගනුදෙනු මට මතක නැත කියා ප්‍රතික්ෂේප කිරිමට කිසිවෙකුට නොහැකි වේ.
    බිට් කාසි ලිපිනයක් සැදීමේ දී තමන්ගේ අන්‍යතාවය හෙලි කිරීම අනිවාර්ය නොවේඑබැවින් භාවිථා කරන්න්ගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම ඉතා අසීරු කටයුත්තකිගනුදෙනුව සිදුවන බිට් කාසි ලිපිනයන් සැමට පැහැදිලි වුවද,ඒවායේ හිමිකරුවන් හදුනා ගැනීම අසීරුවේඑබැවින් කප්පන් ලබාගැනීම වැනි නීතිවිරෝදී කටයුතු සදහා අපරාධ කරුවෝ බිට් කාසි භාවිථා කරතිමෙලෙස බිට් කාසි භාවිථා කරණ අපරාධ කරුවන් නීතීයේ රැහනට හසු කර ගැනීමට විවිධ රටවල් විවිධ උපක්‍රම භාවිථා කරයි.



    ඉදිරි වසර දහය තුලදීමිනිසුන් සම්ප්‍රදායක මුදලින් මිදී බිට් කාසි වැනි සයිබර් මුදල් එකක වෙත ඇදී යාම කිසිදු රජයකට පාලනය කල නොහැකි බව මාගේ මතයයි.රජයනට සිදුකල හැකි සුදුසුම පියවර වනුයේ බිට් කාසි වැනි නූතන සයිබර් මුදල් එකක තම රටවලට හදුන්වා දීමයඒවා නීති විරොදී කටයුතු සදහා භාවිථා කල නොහැකි වන ලෙස නව නීති හදුන්වා දීමය.


    උදාහරණයක් ලෙස අපගේ සම්ප්‍රදායක මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකු වේ පාලනයට යටත් සයිබර් මුදල් ඒකකයක් මසුරම ලෙස හදුන්වා දිය හැකයමසුරම් හුවමාරු කිරීම සදහා සෑම පුද්ගලයකු හෝ අයතනයකට මසුරම් ලිපිනයක් තිබිය යුතුය.බිට් කාසි ලිපිනයන් අන්‍යතාවය තහවරු නොකොට සැදිය හැකි වුවත්,මසුරම් ලිපිනයන් අන්‍යතාවය තහවරු කර සැදීමට වැඩපිළිවෙලක් යෙදිය හැකිය.


    අන්‍යතාවය තහවරු කර සාදන මසුරම් ලිපිනයන් අතර නීත්‍යානුකූල ලෙස සිදුවන ගනු දෙනු සම්පුර්ණ විනිවිද භාවයකින් යුක්ත වේඋදාහරණක් ලෙස අනාගත ශ්‍රී ලංකා රජයක් තම ගනුදෙනු තමන්ගේම සයිබර් මුදල් ඒකකය වන මසුරන් මඟින් පමණක් සිදු කලහොත්සියලු ගනු දෙනු සියලු පුරවැසියන් හට දැක බලාගත හැකි වේ.එම තොරතුරු කිසිදා මකා දැමිය නොහැකි වේ.මෙමඟින් සොරු සැමට සැමදා පෙනෙනා බැවින්,සොරුන් සෙවීමට කොමිසන් සභා හෝ අධිකරණ පිහිට වීමට අවශ්‍ය නොවේ.බැදුම්කර ගනුදෙනු සදහා මෙවැනි සයිබර් මුදල් ඒකක මසුරම් වටී.


    රජයක් තමන්ගේම සයිබර් කාසියක් හදුන්වා දීම තුලින් මුදල් මුද්‍රණයට යන වියදම ද ඉතුරු වේබැංකු අතර සිදුවන් ගනු දෙනු ද කඩිනමින් සහ පහසුවෙන් කළ හැකි වේ.බදු මුදල් ලබා ගැනීම ස්වයංක්‍රිය ලෙස සිදු කළ හැකි වේණය කාඩ් පත් වැනි වෙනත් මුදල් සංසරණ ක්‍රම අවශ්‍ය නොවේ.පුද්ගලයින් අතර රිජුවම කඩිනමින් මුදල් හුවමාරුකර හැකි වේ.උදාහරණයක් ලෙසතම මවට හන්දියේ කඩයෙන් සීනි සියයක් මිලදී ගැනීම සදහා අරාබියේ සිටිනා පුතකුට මුදල් ගෙවිය හැකිවේඑ සදහා කලයුත්තේපුතුගේ මසුරන් ලිපිනයෙන් මුදලාලිගේ මසුරන් ලිපිනයට මසුරන් එවීම පමණිමෙවැනි ගනුදෙනු සදහා කිසිදු බැංකුවක් අවශ්‍ය නොවන අතරසියලු ගනුදෙනු ආරක්ෂිතව සැනකින් සිදුවේගනු දෙනු කරුවා සිටනා රට මැවැනි සයිබර් කාසි හුවමාරු සදහා අදාල නොවේ.


    සයිබර් මුදල් ඒකක භාවිථය මඟින් රටකට සුවිශාල වාසි ලාබා ගත හැකි වුවදඅද දිනයේ දී මෙම මුදල් ඒකක මූලිකවම භාවිථා කරන්නේ අපරාධකරුවන්ය.එබැවින් සමහර රටවල් සයිබර් මුදල් ඒකක ගැන බියවී ඒවා තහනම් කරයි

    ශ්‍රීලංකාව එවැනි අනුවන තීරණයක් නොගනිනු ඇතැයි මම සිතමිශ්‍රී ලංකාව වැනි රටවල් සිදූ කල යුත්තේ තමන්ගේ ම සයිබර් මුදල් ඒකක හදුන්වා දීමය.එනමුත් ශ්‍රී ලංකාව තුල අපගේම සයිබර් මුදල් ඒකකයක් හදුන්වා දිමට තරම් නිර්භිත රජයක් බිහි නොවන බව ද මාගේ අදහසය.

    ආචාර්ය කසුන් ද සොයිසා

    අධිකරණ පරිගණක විද්‍යාව සහ පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය,

    කොළඹ විශ්ව විද්‍යාලය

    Saturday, March 10, 2018

    Saturday, February 3, 2018

    SCoRe Lab

    SCoRe Lab trained over hundreds of undergraduates and helped most of them to find the postgraduate positions in various countries in last ten years. At present we need your kind support to continue our activities. Thus please let us know your present status and the way you can help us by filling this google form.



    Saturday, October 14, 2017

    Thursday, September 14, 2017

    Niagara Falls and Pathan Oya Falls

    2017 ජූනි 23 වන දින නයගරා දිය ඇල්ල දුටු මම පතන් ඔය දිය ඇල්ලේ චමත්කාරය දුටුවේ 2017 සැප්තැම්බර් 2 වන දිනය. ලංකාවේ සහ ඇමරිකාවේ වෙනස මෙම දිය ඇලි දෙක තුලින් මම දුටුවෙමි.
    වෙනස දකිමු


    Sunday, January 15, 2017

    Rahasak

    Rahasak is the first social application on the google play which uses our SenZ security platform which was developed by SCoRe. It has simple innovative features such as encrypted voice calls, messages, navigation and remote selfies. Since SenZ handles end-to-end security (phone to phone), Rahasak does it too.

    So you should not wary about phone tapping, location tracking, and any other privacy issues while use Rahasak.

    While congratulating the Rahask team for their hard work, I invite all of your to join Rahasak and start sharing secrets only with your trusted friends!!

    Sunday, November 13, 2016

    සෝමාවතියේ දී බුදුරැස් දුටුවෙමි

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දකුණු දළදා වහන්සේ සෝමාවතී මහ සෑයේ වැඩ වසන බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. ගිරි අභය රජතුමා දකුණු දළදා වහන්සේ නිධන් කර සෝමාවතී මහා සෑය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය.

    සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම සෝමාවතී ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය [සෝමාවතී වෙබ් අඩවිය].

    බෞද්ධයකු වන මට සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ වැදපුදා ගැනීමට ඉඩ ලැබෙනුයේ 2016 වප් පුන් පොහෝ දින දීය. නිමක් නැති ජිවිත තරගය දිනකට නවතා, මම  සෝමාවතී වෙත යන්නේ අපෙ අම්මා ගේ ඇවිටිල්ල නිසාය. අපෙ අම්මාට පින් සිදු වන්නට, දසත පැතිරුන සාදු නද මැද, සෝමාවතී ස්ථූපයට ඉහළ අහසේ විසුරුන දීප්තිමත් අලෝක ධාරාව මම ද දුටු වෙමි. එම අලෝක ධාරාව බුදුරැස් යැයි පවසා, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ගුන නැණ බලයට මම අවමාන නොකරමි.

    ක්‍රි.පූ. 2 වැනි සියවසේදී ද, දකුණු දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහ පිරිස සෝමාවතී පුද බිම වෙත පැමිණෙන්නට ඇත.  අද මහ පිරිස් සෝමාවතීය වෙත පැමිණෙන්නේ දකුණු දළදා වහන්සේ වැදපුදා ගැනිමට නොව බුදු රැස් දැක බලා ගැනීමට බව මම දුටුවෙමි. නායක හාමුදුරුවන් ප්‍රාතිහර්‍යයන් ගැන වර්නනා කරද් දි, ඉහල අහසට කැමරා මානා ගෙන පින් රැස් කරණ තරුණ තරුණියන් සහ උපාසක උපාසිකාවන් සෝමාවතීය පුද බිමේ දී අද බහුලව දැකිය හැක. නිකවැරටිය මීවැල්ලාව සහ යාපහුව දොළුකන්දට සිදු වු දෙය සෝමාවතීයට සිදුවන බව නායක හාමුදුරුවන්හට නොතේරීම අපගේ අවසනාව යැයි මට සිතුණි.

    රූපවාහිනී නොතිබුන කාලයේ දී, අහස දෙස බලා, වලාකුලු මත සද එළිය මවන විසිතුරු රටා මම රසවිද ඇතිමි. වලකුලු වලින් වැසුන පොහෝ දවසක අහස මත ඇතිවන හිඩසක් අතරින් වැටෙන සද එළියේ චමත්කාරය, නුතන පරපුර මුල් වරට දකි්න්නේ සෝමාවතීයේ දී විය හැකය. කැමරා කාචය මත වැටෙන සද එළිය සහ උදෑසන චූඩා මැණික මත වැටෙන හිරු එළිය බුදුරැස් ලෙස දකින්නට තරම් අපි අද අසරණ වී සිටිමු.

    වසර දහස් ගණනකට පෙර සුද්දන් හිරු එළියට සහ සද එළියට වදින කළ, අහස උසට දගැබ් තනා, මුහුද පරදන වෑව් බැදි අපි, අද දවසේ අසරණ වි හිරු සහ සද එළියට වැද වැටෙමු. ගිරි අභය රජතුමා මෙම මහා සෑය ඉදිකරන ලද්දේ  බෑකෝ බුල් ඩෝසර නොතිබුන යුගයකය. පරිසරය රකිමින් සිදු කරණ සංවර්ධන, පරිසරය විසින් රැක දෙන බව ගිරි අභය රජතුමා දැන සිට ඇත. සෝමාවතිය වැද පුදා ගැනීමට අපට අද හැකි වන්නේ ඒ නිසාය. බෑකෝ බුල් ඩෝසර වලින් අපේ රජවරු සෝමාවතිය නෑවත ගොඩ නගන සැටි දුටු වොත්, ගිරි අභය රජ හඩා වැටෙනු නියතය.

    ලංකාව සිංගප්පූරුවක් කරණ බවට මොර දෙන අපේ නූතන රජ වරුන්ට සෝමාවතීය පුද බිමෙන් බොහෝ දෑ ඉගෙන ගත හැක. පරිසරය වනසා කරණ සංවර්ධනය නවතා, අප සතුව තිබු පරිසර හා බැදුන සංවර්ධනය හා දැනුම නැවත සොයාගත යුතු වේ. බුදුරැස් දැකීමට නොව, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ගුන නැණ බලය වන්දනා කිරීමට සෝමාවතීය වෙත අපි යා යුතු වෙමු.

    මෝහයෙන් අන්ධ වී සිටින මිනිසුන් අවදිකරවා, සත්‍යා දැකීමට මග පෙන්වන ලෙස, සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ ගෙන් මම අයද සිටියෙමි.

    ආචාර්ය කසුන් ද සොයිසා
    කොළඹ විශ්ව විද්‍යාලය




    Sunday, March 20, 2016

    Ayubowan Python - Python Book in Sinhala Language


     ඉංජිනේරුවන් සහ වෛද්‍යවරයන් වීමට සිහින දකින පාසල් දරුවන් අතර පරිගණක විද්‍යාඥයන් වීමට සිතන දරුවන් දුලබය. පරිගණක ක්‍රීඩා කරමින් අන්තර් ජාලයේ රස්තියාදු ගසන අපේ දරුව පරිගණක විද්‍යාඥයන් වීමට නොසිතති. ඉංජිනේරුවන් සහ වෛද්‍යවරයන් වීමට සිතති.  පරිගණක ක්‍රීඩකයින් සහ අන්තර් ජාල රස්තියාදු කරැවන් වෙනුවට,  පරිගණක ක්‍රීඩා සහ අනෙකුත් පරිගණක මෘදුකාංග නිපදවන, පරිගණක විද්‍යාඥයන් අපි බිහි කළ යුතු වෙමු. Ayubowan Python ඒ සදහා දරණ උත්සාහයකි.

    Tuesday, March 8, 2016

    Micro Mouse-1996




    I would like to thank Nanndasara sir who recovered and published this
    20 years old video. I did this activity with one of my friend Shammi Jayaransi who was not shown in this video. At that time I was in second year and Sammi was in the first year and we wrote over 5000 lines of C code day and night to complete that task.

    At that time Hewagamage sir helped us a lot together with Samanthika sir even though he was not shown in the video. We went Thailand and won the third place in the international micro mouse competition and our visit was fully sponsored by ICT and Industry in 1996. As we all know Prof. Samaranayake was the key person behind this task and without his support we could not win that competition.

    Now we are in 2016. Do we have such videos to play back in 2036?
    If not this is the right time to think back.






    Total Pageviews

    Popular Posts

    Copyright © Dr. Kasun De Zoysa | Powered by Blogger
    Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com