University of Colombo School of Computing, 35, Reid Avenue, Colombo 7, Sri Lanka
Phone : (94–11-) 2589123 , Fax : (94-11-) 2587239
Email: kasun AT ucsc DOT cmb DOT ac DOT lk

Monday, April 16, 2018

Cryptocurrency - සයිබර් කාසි



ඩොලර් යුරෝ පැරදූ සයිබර් කාසි

සල්ලි දෙවියන් ගේ මල්ලී බව බොහෝ අය පවසයිඩොලර් පවුම් සෙවීමට මිනිසුන් නොවිදින දුකක් නැතරටක භාවිථා වන මුදල් එකකයේ වටිනාකම තීරනය කරනු යේ එයට ඇති ඉල්ලුමය.සමහර රටවල් තම මුදල් ඒකකයේ වටිනාකම කෘතීමව පාලනය කරයිසමහර රටවල් එවා ඉල්ලුම සහ සැපයූම මත තීරණය වීමට ඉඩ දේඅද දිනයේ දීසයිබර් අවකාශය තුල සංසරණය වන සයිබර් මුදල් ඒකක ලොව බලවත් මුදල් ඒකක දරුනු පීඩනයකට ලක් කර තිබේ.

ඔබ දන්නා පරිදි සයිබර් අවකාශයට ලෝක දේශ සීමාවන් අදාල නොවේ.අද දවසේ දී ලෝක දේශ සීමාවන් අදාල නොවන සයිබර් මුදල් ඒකක ද බිහිවී තිබේමෙවැනි මූදල් එකක දහසකට අධිම සංඛ්‍යවක් සයිබර් අවකාශය තුල සංසරණය වේඑම නූතන මුදල් ඒකක සහ සම්ප්‍රදායක මුදල් ඒකක අතර තියූනු තරඟයක් ඇතිවී තිබේ



මුලින්ම ලොකයට හදුන්වා දුන් සයිබර් මුදල් ඒකකය බිට් කාසිය(Bitcoin)ලෙස හැදිනවේ.2009වසරේ දී තවමත් නොහදුනන අයකු(Satoshi Nakamoto)ප්‍රථම බිට් කාසිය සයිබර් අවකාශයට මුදා හැර තිබේ.බිට් කාසියට කිසිදු අයිතිකරුවකුවත් පාලකයකු වත් නැතඒවා කිසිදු රටක මහ බැංකුවට අයත් නොවේබිට් කාසි ය භාවිථා කරණ සියල්න් එහි අයිති කරුවන් වන අතර එහි අගය ඇති ඉල්ලුම සහ සැපයුම මත තීරණය වේ.එම කාසියේ අරම්භක වටිනාකම ඩොලර් එකක් වූ අතර,ආරම්භයේ දී එයට කිසිදු ඉල්ලුමක් නොතිබිනි.

2010 සහ 2013වසර අතරේ දී නොහදුනන අයොජකයින් පිරිසක් මෙම අපූරු කාසිය මිලදී ගැනීම අරභයිඒ සමඟම සයිබර් පාතාලය මෙම කාසිය තම ගනු දෙනු සදහා යොදා ගනීයි.පසුව සයිබර් අවකාශය තුල ඇති බොහෝ වෙළද අයතන මෙම කාසිය භාවිථා කරයි.අද දවස වන විට බිට් කාසියට ඇති ඉල්ලුම සිතාගත නොහැකි තරම්ය. 2010 වසරේ දී ඇමරිකානු ඩොලර සියයකට අඩුවූ බිට් කාසියක අද මිල ඇමරිකානු ඩොලර් අටදහසකට (8000)වැඩිවේ. 2010 වසරේ දී බිටි කාසියක සියයක ඇමරිකානු ඩොලර් දස දහසක් අයෝජනය කල පුද්ගලයකු හට අද දින ඇමරිකානු ඩොලර් 800000 වැඩි වත්කමක් හිමි වී තිබේ.උදාහරණයක් ලෙස ලංකාව ග්‍රික් බැදුම්කර වෙනුවට බිට් කාසි මත මුදල් ආයෝජනය කලේ නම්අප සතූ බොහෝ විදේශ ණය අද දින ගෙවා දැමිය හැක වේඑනමුත් ඉතා අධික මිලකට අලෙවි වන බිට් කාසි මත අද සිදු කරණ අයෝජන,ඉතා අනතුරු දායක වේ.


ආරම්භයේ දී සයිබර් අවකාශයට සීමාවී තිබූ බිට් කාසියඅද දවස වන විට සයිබර් අවකාශයෙන් පිට පැන තිබේමෙම කාසිය දැන් දැන් මිනිසුන් එදිනෙදා ගනු දෙනු සදහා ද යොදා ගනියිඕනෑම රටක සිට වෙනත් රටට සිටන හිතවතකු හට බිට් කාසි සැනකින් යැවිය හැකඒසදහා කිසිදු බැංකුවක සහාය අවශ්‍ය නොවේඑබැවින් කිසිදු රජයකට මෙම ගනු දෙනු පාලනය කල නොහැකිය

ස්‍විඩනය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් මෙම කාසි නිත්‍යානුකූල මුදල් ඒකක ලෙස පිළිගෙන තිබේ.සමහර රටවල් ඒවා තහනම් කර ඇත.ස්කැන්ඩිනේවියන් රටවල් තුල බිට් කාසි තමන් ගේ රටවල මුදල් බවට හරවා ගැනීමට ටෙලර් (ATM) යන්ත්‍ර පවා ස්ථාපිත කර තිබේබොහෝ රටවල් බිට් කාසි වෙනුවට තමන්ගේ පාලනයට යටත් වෙනත් සයිබර් කාසි හදුන් වා දීමට පියවර ගණිමින් සිටීඒ සදහා හොදම උදාහරණය සිංගප්පූරුව යි.


සෑම කාසියකම දෙපැත්තක් ඇති ලෙසම බිට් කාසි වලද හොද නරක දෙකම ඇතඅද දවස තූල බිට් කාසි වැඩිපුරම භාවිථා වන් නේ නිති විරෝදී ගනු දෙනු සදහායපරිගණක පාතාලය කප්පම් ගැනිම සදහා ද,කුඩු,අවි ආයුධ විකිනීම සදහා දරටවල් අතර මූදල් හුවමාරු කර ගැනීම සදහා දබිට් කාසිය භාවිථා කරයි.දේශපාලකයින් හොරකම් කල මුදල් සැගවීම සදහා ද බිට් කාසි භාවිථා කරයි.මෙම ගනු දෙනු රහසිගතව කර ගත හැකි ක්‍රම බිට් කාසිය මඟින් ඔවුන් නිර්මානය කර ගෙන තිබේමෙලස සංසරණය වන බිට් කාසි,ලොව පුරා ඇති බැංකු වෙත ඉතා දැඩි පීඩනයක් නුදුරු අනාගතයේ දී නිසැකවම ඇතිකරයි.

බිට් කාසිය යනු සංකීර් ගණිත සමීකරණයකට අනුගත වන සංඛ්‍යාවකට දෙනු ලබන ත්‍යගයකිමෙම සමීකරණයට ගැලපෙන සංඛ්‍යාවන් ඇත්තේ සීමිත ගනණක් බැවින්,ලොවට සැපහිය හැක්කේ සීමාසහිත බිට් කාසි ප්‍රමානයකිලොව පූරා මිනිසුන් සහ ආයතන මෙම අපූරු සංඛ්‍යා සෙවිමේ යෙදී සිටීමෙම සංඛ්‍යා සොයාගන්නා ඕනෑම අයකු හට නියමිත බිට් කාසි ප්‍රමානයක් හිමි වේඅද දිනයේ දී බිට් කාසියක් සොයා ගැනීම ඉතා අසීරු වී ඇති බැවින් බොහෝ පුද්ගලයින් සිදු කරණුයේ බිට් කාසි මිලදී ගැනීමයි.

බිට් කාසියක් භාවිතයට පෙර,බිට් කාසි ලිපිනයක් සාදාගත යුතුවේ.එවැනි ලිපිනයන් සාදා ගත හැකි විවෘත පරිගණක මුද්‍රකාංග සයිබර් අවකාශයේ තිබේබිට් කාසි හුවමාරුව මෙවැනි ලිපිනයන් අතර සිදුවේඕනෑම අයකුට බිට් කාසි ලිපිනයන් ඕනෑම ගනණක් තිබිය හැකිය.බිට් කාසි ලිපිනයන් අතර සිදුවන සෑම ගනුදෙනු වක්මබිට් කාසි සෙවීමේ යෙදී සිටින සියලු පරිගණක තුල සටහන් වේ.එබැවින් තහවරු වන බිට් කාසි ගනුදෙනු මට මතක නැත කියා ප්‍රතික්ෂේප කිරිමට කිසිවෙකුට නොහැකි වේ.
බිට් කාසි ලිපිනයක් සැදීමේ දී තමන්ගේ අන්‍යතාවය හෙලි කිරීම අනිවාර්ය නොවේඑබැවින් භාවිථා කරන්න්ගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම ඉතා අසීරු කටයුත්තකිගනුදෙනුව සිදුවන බිට් කාසි ලිපිනයන් සැමට පැහැදිලි වුවද,ඒවායේ හිමිකරුවන් හදුනා ගැනීම අසීරුවේඑබැවින් කප්පන් ලබාගැනීම වැනි නීතිවිරෝදී කටයුතු සදහා අපරාධ කරුවෝ බිට් කාසි භාවිථා කරතිමෙලෙස බිට් කාසි භාවිථා කරණ අපරාධ කරුවන් නීතීයේ රැහනට හසු කර ගැනීමට විවිධ රටවල් විවිධ උපක්‍රම භාවිථා කරයි.



ඉදිරි වසර දහය තුලදීමිනිසුන් සම්ප්‍රදායක මුදලින් මිදී බිට් කාසි වැනි සයිබර් මුදල් එකක වෙත ඇදී යාම කිසිදු රජයකට පාලනය කල නොහැකි බව මාගේ මතයයි.රජයනට සිදුකල හැකි සුදුසුම පියවර වනුයේ බිට් කාසි වැනි නූතන සයිබර් මුදල් එකක තම රටවලට හදුන්වා දීමයඒවා නීති විරොදී කටයුතු සදහා භාවිථා කල නොහැකි වන ලෙස නව නීති හදුන්වා දීමය.


උදාහරණයක් ලෙස අපගේ සම්ප්‍රදායක මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකු වේ පාලනයට යටත් සයිබර් මුදල් ඒකකයක් මසුරම ලෙස හදුන්වා දිය හැකයමසුරම් හුවමාරු කිරීම සදහා සෑම පුද්ගලයකු හෝ අයතනයකට මසුරම් ලිපිනයක් තිබිය යුතුය.බිට් කාසි ලිපිනයන් අන්‍යතාවය තහවරු නොකොට සැදිය හැකි වුවත්,මසුරම් ලිපිනයන් අන්‍යතාවය තහවරු කර සැදීමට වැඩපිළිවෙලක් යෙදිය හැකිය.


අන්‍යතාවය තහවරු කර සාදන මසුරම් ලිපිනයන් අතර නීත්‍යානුකූල ලෙස සිදුවන ගනු දෙනු සම්පුර්ණ විනිවිද භාවයකින් යුක්ත වේඋදාහරණක් ලෙස අනාගත ශ්‍රී ලංකා රජයක් තම ගනුදෙනු තමන්ගේම සයිබර් මුදල් ඒකකය වන මසුරන් මඟින් පමණක් සිදු කලහොත්සියලු ගනු දෙනු සියලු පුරවැසියන් හට දැක බලාගත හැකි වේ.එම තොරතුරු කිසිදා මකා දැමිය නොහැකි වේ.මෙමඟින් සොරු සැමට සැමදා පෙනෙනා බැවින්,සොරුන් සෙවීමට කොමිසන් සභා හෝ අධිකරණ පිහිට වීමට අවශ්‍ය නොවේ.බැදුම්කර ගනුදෙනු සදහා මෙවැනි සයිබර් මුදල් ඒකක මසුරම් වටී.


රජයක් තමන්ගේම සයිබර් කාසියක් හදුන්වා දීම තුලින් මුදල් මුද්‍රණයට යන වියදම ද ඉතුරු වේබැංකු අතර සිදුවන් ගනු දෙනු ද කඩිනමින් සහ පහසුවෙන් කළ හැකි වේ.බදු මුදල් ලබා ගැනීම ස්වයංක්‍රිය ලෙස සිදු කළ හැකි වේණය කාඩ් පත් වැනි වෙනත් මුදල් සංසරණ ක්‍රම අවශ්‍ය නොවේ.පුද්ගලයින් අතර රිජුවම කඩිනමින් මුදල් හුවමාරුකර හැකි වේ.උදාහරණයක් ලෙසතම මවට හන්දියේ කඩයෙන් සීනි සියයක් මිලදී ගැනීම සදහා අරාබියේ සිටිනා පුතකුට මුදල් ගෙවිය හැකිවේඑ සදහා කලයුත්තේපුතුගේ මසුරන් ලිපිනයෙන් මුදලාලිගේ මසුරන් ලිපිනයට මසුරන් එවීම පමණිමෙවැනි ගනුදෙනු සදහා කිසිදු බැංකුවක් අවශ්‍ය නොවන අතරසියලු ගනුදෙනු ආරක්ෂිතව සැනකින් සිදුවේගනු දෙනු කරුවා සිටනා රට මැවැනි සයිබර් කාසි හුවමාරු සදහා අදාල නොවේ.


සයිබර් මුදල් ඒකක භාවිථය මඟින් රටකට සුවිශාල වාසි ලාබා ගත හැකි වුවදඅද දිනයේ දී මෙම මුදල් ඒකක මූලිකවම භාවිථා කරන්නේ අපරාධකරුවන්ය.එබැවින් සමහර රටවල් සයිබර් මුදල් ඒකක ගැන බියවී ඒවා තහනම් කරයි

ශ්‍රීලංකාව එවැනි අනුවන තීරණයක් නොගනිනු ඇතැයි මම සිතමිශ්‍රී ලංකාව වැනි රටවල් සිදූ කල යුත්තේ තමන්ගේ ම සයිබර් මුදල් ඒකක හදුන්වා දීමය.එනමුත් ශ්‍රී ලංකාව තුල අපගේම සයිබර් මුදල් ඒකකයක් හදුන්වා දිමට තරම් නිර්භිත රජයක් බිහි නොවන බව ද මාගේ අදහසය.

ආචාර්ය කසුන් ද සොයිසා

අධිකරණ පරිගණක විද්‍යාව සහ පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය,

කොළඹ විශ්ව විද්‍යාලය

9 comments:

  1. :) (Y) very valuable article ,sir.

    ReplyDelete
  2. It's very useful article with inforamtive and insightful content and i had good experience with this information. We, at the CRS info solutions ,help candidates in acquiring certificates, master interview questions, and prepare brilliant resumes.Go through some helpful and rich content Salesforce Admin syllabus from learn in real time team. This Salesforce Development syllabus is 100% practical and highly worth reading. Recently i have gone through Salesforce Development syllabus and Salesforce Admin syllabus which includes Salesforce training in USA so practically designed.

    ReplyDelete
  3. We can get hands together as Sri Lankans to introduce cryptocurrency/bitcoins in a suitable way with controlling mechanisms as you explained in the way that every civilian gets the real benefit of it by confirming real democracy in the country. Thanks to your researches...

    ReplyDelete
  4. อีกทั้งเรายังให้บริการ เกมสล็อต ยิงปลา แทงบอลออนไลน์ รองรับทุกการใช้งานในอุปกรณ์ต่าง ๆ HTML5 คอมพิวเตอร์ แท็บเล็ต สมาทโฟน คาสิโนออนไลน์ และมือถือทุกรุ่น เล่นได้ตลอด 24ชม. ไม่ต้อง Downloads เกมส์ให้ยุ่งยาก ด้วยระบบที่เสถียรที่สุดในประเทศไทย

    ReplyDelete
  5. หาคุณกำลังหาเกมส์ออนไลน์ที่สามารถสร้างรายได้ให้กับคุณ เรามีเกมส์แนะนำ เกมยิงปลา รูปแบบใหม่เล่นง่ายบนมือถือ คาสิโนออนไลน์ บนคอม เล่นได้ทุกอุปกรณ์รองรับทุกเครื่องมือ มีให้เลือกเล่นหลายเกมส์ เล่นได้ทั่วโลกเพราะนี้คือเกมส์ออนไลน์แบบใหม่ เกมยิงปลา

    ReplyDelete
  6. สหพันธ์ฟุตบอลระหว่างประเทศไฟเขียวให้ ไอเมอริค ลาปอร์ต ปราการหลังจาก สโมสรฟุตบอลแมนเชสเตอร์ ซิตี้ แห่งศึก ฟุตบอลพรีเมียร์ลีกอังกฤษ เปลี่ยนจากการเป็นตัวแทนทีมชาติ ฝรั่งเศส ไปรับใช้ทีมชาติ สเปน ได้ ทำให้เซ็นเตอร์แบ็ควัย 26 ปีจ่อลงเล่นใน ยูโร 2020 นี้กับทัพ กระทิงดุ... ufa

    ReplyDelete
  7. pgslot ซึ่งเกมคาสิโนออนไลน์เกมนี้เป็นเกมที่เรียกว่าเกม สล็อตเอ็กซ์โอ คุณรู้จักเกมส์เอ็กซ์โอหรือไม่ 90% ต้องรู้จักเกมส์เอ็กซ์โออย่างแน่นอนเพราะในตอนนี้เด็กนั้นเราทุกคนมักที่จะเอาก็ได้ขึ้นมา สล็อต เล่นเกมส์เอ็กซ์โอกับเพื่อนเพื่อนแล้วคุณรู้หรือไม่ว่าในปัจจุบันนี้เกมส์เอ็กซ์โอนั้นกลายมาเป็นเกมซะลอสออนไลน์ที่ให้บริการด้วยเว็บคาสิโนออนไลน์คุณสามารถเดิมพันเกมส์เอ็กซ์โอกับเว็บคาสิโนออนไลน์ได้โดยที่จะทำให้คุณนั้นสามารถสร้างกำไรจากการเล่นเกมส์เดิมพันออนไลน์ได้เราแนะนำเกมส์ชนิดนี้ให้คุณได้รู้จักก็เพราะว่าเชื่อว่าทุก

    ReplyDelete
  8. UK Close Protection Services Ltd are an established premium executive provider top security companies in London
    of close protection and bodyguarding provisions in both domestic and international high risk markets and are renowned as the best bodyguard company in London.

    ReplyDelete

Total Pageviews

Popular Posts

Copyright © Dr. Kasun De Zoysa | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com