University of Colombo School of Computing, 35, Reid Avenue, Colombo 7, Sri Lanka
Phone : (94–11-) 2589123 , Fax : (94-11-) 2587239
Email: kasun AT ucsc DOT cmb DOT ac DOT lk

Sunday, August 15, 2021

සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න (Slavery, time for stop it) !!


ජනාධිපති ලිනකන් 1862 දී වහලුන් හට නිදහස ලබා දුන් වග අපි දනිමු. වැටුප් නොලබා ජීවිත කාලයම වෙනකෙකුට සේවය කරන්න් වහලුන් වේ. සත්‍ය ලෙසම ලිනකන් එදා සිටි වහලුන් නිදහස් කලද අපි අද වහලුන් වී සිටිමු. එදා වහලුන් දක්නට ලැබුනු ආයතන තුල අද වහලුන් නොසිටිය ද බොහෝ අයතන සහ පුද්ගලය සඳහා අපි වහල් සේවය සපයමු. අපි අද දේශපාලන සහ සමාජ ජාලා වහලුන් වී සිටිමු. එදා සිටි වහලුන් උන් වහලුන් වග දැන සිටිය ද අපි අද එය නොදනී. 

කාලය සහ ධනය වැය කරමින්  සමාජ ජාලා සහ දේශපාලුවන් හට සතුටින් සේවය කරණ කීකරු අසරණ වහලුන් අපි වෙමු. අපි සේච්චාවෙන් දෙනු ලබන අපගේ තොරතුරු අන් අයට විකුනා සමාජ ජාලා හිමි කරුවන් ධනවත් වේ. අපි සේච්චාවෙන් දෙනු ලබන බලය අවභාවිතා කර දේශපාලුවන් ධනවත් වේ. අපි අපගේ කාලය සහ ධනය අපතේ යවමින් දින දින දුප්පත් වෙමු. සමාජ ජාලා සමාගම් අධික ලාබයක් ලබනුයේ අප වැනි තොරතුරු සපයන අහින්සක මෝඩයින් නිසාය. සමාජ ජාලා සමාගම් අපට නොමිලේ සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි සමාජ ජාල සමාගම් වලට අපි නොමිලේ සේවය කිරීමය. මැති ඇමතිවරු අපට සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි එතුමන්ලාට  නොමිලේ සේවය කිරීමය. ඔබගේ වහල් සේවය මදකට නවතා නැවත සිතීමට කාලය පැමින තිබේ.

දිනකට අන්තර් ජාලය තුල ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා දැයි නැවත සිතන්න. ඔබ කොපමන මුදලක් අන්තර් ජාල පහසුකම වෙනුවෙන් වැය කරනු ලබනවා ද කියා සිතන්න.  ඔබ වැය කරණ කාලය සහ මුදලින් හරි අඩක් හෝ වැඩි කොටසක් ඔබ වැය කරනු ලබන්නේ අන්තර් ජාලය තුල රස්තියාදු වීමටය. සමාජ ජාලා සමාගම් වලට දත්ත සැපයීමටය.  ඡායාරූප, වීඩියෝ දර්ශන, කොමෙන්ටු හෝ ලයික් ලෙස ඔබ සපයනුයේ එම ආයතන සඳහා අවැසි දත්තය. මේදින වලදී ඔබ අසරණව නිවසේ සිටිමින් වැඩි වැඩියෙන් එම සමාගම් වලට කරනු ලැබූ සේවය නිසා, එම සමාගම්, වැඩි වැඩි යෙන් ලාබ උපයා ගනී.  ඔබගේ සේවය සඳහා සමහර සමාගම් ඔබට යම් මුදලක් ගෙවනු ලැබූව ද බොහෝ සමාගම් ඔබගේ සේවයට කිසි දිනක මුදල් නොගෙවනු ඇත. ඔබ නොදැනුවත්වම සමාජ ජාල වහලකු වි තිබේ. ඔබ නිදිවරමින් මේ සේවය කරන්නේ බහු ජාතික සමාජ ජාලා සමාගම් වෙතය. 

නැවත සිතන්නට මේ හොදම කාලයයි. අපි තවදුරටත් සමාජ ජාලා සමාගම් වල වහලුන් නොවන බව පෙන්විමට මේ හොදම කාලයයි. එවිට ඔවුන් ලබනා අධික ලාබයේන් කොටසක් හෝ‍ අප වැනි අසරණ වහලුන් වෙත ලබා දීමට එම සමාගම් වලට සිදුවනු ඇත. 

දේශපාලක උතුමන්ලාගේ අතේ පැලවෙන බොරු අසා සිටීමට ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා ද කියා නැවත සිතන්න. එතුමන් ලා පවසන්නේ බොරු බව දැන දැනත්, ඔබ එය අසා සිටීයි. කොපමන පොස්ට් එතුමන්ලා ට එරෙහිව කොටනු ලැබූව ද, තට්ටු මාරුවට එතුමන් ලාම බලයට ගෙන එනු ලබන බව එතුමන් ලා ද දැන සිටීයි. එබැවින් අප වැනි අසරණ වහලුන් හට දේශපාලක උතුමන් ලා කිසිදිනක සාධාරණයක් සිදු  නොකරනු ඇත. 

දැන් පැමිණ ඇත්තේ සිතන්නට කාලයක් මිස සමාජ ජාලා වල කොටන්නට කාලයක් නොවේ. සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න.


ආචාර්ය කසුන් ද සොයිසා
පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය



    


Total Pageviews

Popular Posts

Copyright © Dr. Kasun De Zoysa | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com