University of Colombo School of Computing, 35, Reid Avenue, Colombo 7, Sri Lanka
Phone : (94–11-) 2589123 , Fax : (94-11-) 2587239
Email: kasun AT ucsc DOT cmb DOT ac DOT lk
WASN LAB
Budangala
NEELA BAMMA
Addison bungalow
MINNERIYA
SINGAPORE

MySelf

princeton-97827_1280

I == {

  • was born in Colombo, Sri Lanka on 15th of December 1971 and lived in Wellamadda, a small village completely destroyed by tsunami on 26th December 2004 at 9.36 a.m.
  • studied at{Balapitiya Sidhartha College,Ambalangoda Dharmasoka College, University of Colombo, Stockholm University and George Washington University}.
  • work as{Senior Lecturer, Academic Coordinator for the Master of Science in Information Security Program and Advisor for the Center for Digital Forensic} at University of Colombo School of Computing. }

Teaching

san-jose-92464_1280

An excellent teacher needs to go beyond excellent lecturing or excellent knowledge dissemination.

Undergraduate Teaching == { Programming 1,Programming III and Information System Security courses for BSc degree in Computer Science program University of Colombo School of Computing }

Postgraduate Teaching == { Information System Security,Network Security, Digital Forensics and Security in Mobile and Wireless Network courses for Master of Science in Information Security programm, University of Colombo School of Computing }

Research

academic-2769_1280

I received my B.Sc. Special Degree in Computer Science(FIRST CLASS HONOURS) from University of Colombo during the period from 1993 to 1997.

I obtained my Ph.D. in the area of Computer Security from Stockholm University during the period from 1999 to 2004.

I conduct research in the areas of { Secure multi-party electronic transactions and document protection, Public key cryptography and certification infrastructures, Web security and privacy, Security in sensor networks, Digital Forensic, Mobile Application Security and ICT4D}

Friday, November 4, 2022

දුරකථන කූළුනු වාර්ථා

 අධිකරණය නොමඟ යවන දුරකථන කුළුනු වාර්තාව

ආචාර්ය කසුන් ද සොයිසා

පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය

කොළඹ විශ්ව විද්‍යාලය


අධිකරණය සැකකරුවන් සිටි ස්ථාන හඳුනා ගැනීම සඳහා දුරකථන කූළුනු වාර්තා නිතර කැදවයි. දුරකථන කූළුනු වාර්තා මඟින් යමකූ සිටි ස්‍ථාන ඉතා නිවැරදිව පැවසිය හැකි බව අධිකරණය උපකල්පනය කරයි. එම උපකල්පනයේ ඇති නිවරදිතාවය අධිකරණය විසින් ප්‍රශ්න කීරීමට ලක් නොකරණ අතර, මෙම ලිපියේ අරමුණ එහි ඇති නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කිරීම වේ.  ප්‍රථමයෙන් අපි ජංගම දුරකථන ආධාරයෙන් කෙනෙකු සිටිනා ස්‍ථානය හඳුනා ගන්නා අයුරු අවබෝධ කරගනිමු.

ජංගම දුරකථන තිබෙන ස්‍ථානය හඳුනා ගත හැකි ආකාර කිහිපයක් තිබේ. ඒවා නම්,  ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS), වයිෆයි (Wifi) සංඥ සහ දුරකථන කුලුනු වාර්තාය.  

1. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS))

ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS))  මඟින් ජංගම දුරකථන තිබෙන ස්‍ථානය ඉතා නිවැරදිව හඳුනා ගත හැක. මෙහිදී,  GPS  චන්ද්‍රකාව මඟින් නිකුත් කරනු ලබන සංඥ, ජංගම දුරකථනය මඟින් ග්‍රහනය කරනු ලබයි.  චන්ද්‍රකාව සංඥව නිකුත් කල කාලය සහ දුරකථනයට එය ලැබුන කාලය අතර පරතරය මඟින් දුරකථනයේ සිට චන්ද්‍රකාවට ඇති දුර ගණනය කරයි. අපගේ දුරකථනයේ සිට චන්ද්‍රකා හතරකට ඇති දුර දන්නේ නම්‍ දුරකථනය පවතින ස්ථානය පහත සමීකරණ හතර විසදීම මඟින් ඉතා නිවරදි ලෙස ගණනය කල හැකිය. 


මෙහිදී GPS  චන්ද්‍රකාවේ වේලාව සහ දුරකථනයේ වේලාව අතර පවතින වෙනසමඟින් දැක්වේ. x,y, සහ z යනු GPS සංඥව ලබන්නා (දුරකථනය) පවතින ස්‍ථානය වන අතර,  c යනු ආලෝකයේ වේගය වේ.  මෙහිදී අන් සියලු අගයන් දන්නා බැවින්, නොදන්නා x,y, සහ z යන අගයන් ඉහත සමීකරණ හතර විසඳීම මඟින් ගණනය කල හැකිය.  

ලොව ඕනෑම තැනක ඇති  GPS සංඥව ලබාගත හැකි උපකරණයකට,  GPS චන්ද්‍රකා හතරක සංඥ ලැබෙන පරිදි,  GPS චන්ද්‍රකා 32 ඇමරිකාව මඟින් උඩු ගුවනේ කක්ෂගත කර තිබේ. රුසියාච මඟින් ද මෙවැනි චන්ද්‍රකා 24 උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන අතර, එය GLONASS චන්ද්‍රකා ලෙස හැඳින් වේ. සමහර උපකරණ වලට GPS සහ GLONASS යන චන්ද්‍රකා පද්ධති දෙකෙහිම සංඥ ලබා ගත හැකි අතර, එහි දී ඉතා නිවැරදි ලෙස එම උපකරණය ඇති ස්‍ථානය ගණනය කල හැකිය.

නූතන ජංගම දුරකථන තුල GPS හෝ GLONASS හෝ මෙම චන්ද්‍රකා පද්ධති දෙක මඟින්ම හෝ නිකුත් වන සංඥ ලබාගත හැකි චිපයක් තිබේ. ජංගම දුරකථයේ ඇති මූද්‍රකාංග දුරකථනය පවතින ස්ථානය එමඟින් ඉතා නිවැරදී ලෙස ලබා ගනියි.  ජංගම දුරකථනයේ ඇති සමහර මූද්‍රකාංග මෙම තොරතුරු ජංගම දුරකථනය තුල පටිගත කරයි. මෙම තොරතුරු, දුරකථන හිමි කරුගේ අවසරයකින් තොරව, වෙනත් අයටකුට ලබා ගත නොහැකිය.  එනමුත් දුරකථන හිමි කරුට නොදැනෙන ලෙස, මෙම තොරතුරු,  වෙනත් අයට ලබා දෙන මුද්‍රකාංගයක් ජංගම දුරකථනයක් තුල ස්ථාපිත කල හැකිය. අපරාධ පරීක්ෂකයන් හට මෙවැනි මුද්‍රකාංග භාවිතයෙන්, අපරධ කරුවකුගේ ක්‍රියාකාරිත්වය ඉතා නිවැරදි ලෙස නිරීක්ෂනය කල හැක. 

මෙවැනි මුද්‍රකාංගයක් ස්ථාපිත කර නොමැති අවස්ථාවක දී,  අපරාධකරුවකු ලඟ තිබී අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථනයක් මඟින්  අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හෝ ඇය සිට ස්ථාන ලබාගත නොහැකිය. එහෙත් සමහර අවස්ථාවල දී, ජංගම දුරකථනය තුල තිබෙනා සමහර මුද්‍රකාංග මඟින් ඔහු හෝ ඇය සිට ස්ථානය දුරකථනය තුල තුල පටිගතවී තිබිය හැක. එම අවස්‍ථා වල දී පමනක් අත්අඩංගුවට පෙර ඔහු හො ඇය සිට ස්ථාන  ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය.


2. වයිෆයි (Wifi) සංඥ

නූතන ජංගම දුරකථන ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා වයිෆයි(Wifi) යන රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය භාවිථා කරයි. මෙම තාක්ෂණය ඔස්සේ ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා ජංගම දුරකථන, වයිෆයි රවුටරයක් සමඟ සම්බද වේ. එහිදි එම වයිෆයි රවුටරය පිළිබඳ තොරතුරු ජංගම දුරකථනයේ සටහන් වේ. මෙම  වයිෆයි රවුටර තිබුන ස්ථාන අපි දන්නේ නම්, එමඟින් ජංගම දුරකථනය තිබූ ස්ථානය අනුමාන කල හැකිය. 

මෙලෙස භාවිතයට ගෙන තිබෙන වයිෆයි රවුටරය මඟින්, දුරකථනය තිබුන ස්‍ථාන පිළිබද වාර්තාවක් ලබා ගත හැකි වේ.  මෙම වාර්තාව මඟින් අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හො ඇය සිට ස්ථාන ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය. එනමුත් අපගේ අධිකරණ තුල එවැනි වාර්තා භාවිතා වනුයේ අල්ප වශයෙනි. 


3.  දුරකථන කුළුනු

ජංගම දුරකථනය තිබෙන හෝ තිබුනු ස්‍ථානය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිථා වනුයේ දුරකථන කුළුනු වාර්තාය. ජංගම දුරකථන ඇමතුම් ලාබා දීම සහ ලබා ගැනීම සඳහා ජංගම දුරකථනය අනිවාර්යෙයෙන්ම දුරකථන කුළුනක් සමඟ සම්භන්ද විය යුතුය.  සෑම දුරකථන කුළුනුනක්ම ඒ සමඟ සම්භන්ද වි ඇති ජංගම දුරකථනයේ  තොරතුරු පටිගත කර ගනියි.  දෙන ලද ජංගම දුරකථනයක්, දෙන ලද කාලයක් තුල සම්බන්ද වි තිබුනු දුරකථන කුළුනු පිළිබඳ වාර්තාවක්, අධිකරණ නියෝගයක් මඟින් දුරකථන සමාගම් ලබා දේ. මෙය දුරකථන කුළුනු වාර්තාවක් ලෙස හැඳින් වේ. අපරාධ කරුවකු සිටි ස්‍ථානය තහවරු කර ගැනීම සඳහා බොහෝ විට භාවිතයට ගනු ලබන්නේ මෙම දුරකථන කුළුනු වාර්තාවය.

මෙයට අමතරව ජංගම දුරකථනයෙන් නිකුත්වන  තරංග වල ප්‍රබලතාවය මඟින් ද, ජංගම දුරකථනය, කුළුනේ සිට කොපමන දුරකින් තිබුනෙ දැයි දැන ගත හැකිය. ජංගම දුරකථනය සම්බන්ද වූ කුළුන පමනක් නොව ඒ අවට පවතින අනෙකුත් දුරකථනය කුළුනු වෙත ද, ජංගම දුරකථනයෙන් නිකුත්වන  තරංග ගමන් කරයි. එම තරංග වල ප්‍රබලතාවය මඟින් දුරකථන කුළුනු අවට සැරිසරණ ජංගම දුරකථන වලට, කුළුනේ සිට ඇති දුර ගණනය කල හැකිය.  දුරකථන කුළුනු තුනක් මඟින් ලබා ගනු ලබන මෙම තොරතුරු මඟින් දුරකථනය ඇති ස්ථානය පහත රූපයේ දැක්වෙන පරිදි ඉතා නිවැරදි ලෙස පැවසිය හැකිය.   



මෙම රූපයේ දැක්වෙන පරිදි, රතු සළකුනින් පෙන්වා ඇති ජංගම දුරකථනය, තැබිලි කුළුනේ සිට සැතපුම් 4 දුරින් ද, කොල කුළුනේ සිට සැතපුම් 5 දුරින් ද, නිල් කුළුනේ සිට සැතපුම් 5 දුරින් ද පවතියි. මෙය GPS තාක්ෂනය තරම් නිවැරදි නොවූවද, මෙම ක්‍රමය මඟින් අපරාධකරුවකු සිටි හෝ සිටිනා ස්ථානය 500m පමන නිවැරදිතාවයකින් කිව හැකිය.  දුරකථන කුළුනු වැඩි නගරබද පෙදෙසක දී එහි නිවැරදිතාවය ඉතා වැඩි අතර, දුරකථන කුළුනු අඩු ගම්බද පෙදසක දී, එහි නිවැරදිතාවය අඩු වේ.

මෙම ක්‍රමය මඟින් ජංගම දුරකථනය පවතින ස්‍ථානය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු, ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් ලංකාවේ සමහර ජංගම දුරකථනය සමාගම් සතු නොවන අතර, අවශ්‍ය පහසුකම් තිබුන ද එම තොරතුරු අපගේ අධිකරණ වෙත ලබා නො දේ. 

ජංගම දුරකථන සමාගම් අධිකරණය වෙත ලබා දෙන ජංගම දුරකථන වාර්තාවල පවතින්නේ, දෙන ලද ජංගම දුරකථනය, දෙන ලද කාලය තුල සම්බන්ද වි තිබුනු දුරකථන කුළුනු පිළිබඳ තොරතුරු පමණි. මෙම වාර්තාව අනුව, දුරකථන කුළුනට ආසන්න ස්ථානයක අපරාධකරු රෑදී සිටියි හෝ රෑදී සිට ඇතැයි අපි නිගමනය කරමු.

එම නිගමනය නිවැරදි වනුයේ ජංගම දුරකථනය සෑම විටම ආසන්නතම කුළුනට සම්බන්ද වන්නේ නම් පමනි. එනමුත් ජංගම දුරකථනය සෑම විටම ආසන්නතම දුරකථන කුළුනට සම්බන්ද නොවේ. ජංගම දුරකථනයක් දුරකථන කුළුනකට සම්බන්ද වීමට බලපානු ලබන කරුනු පහත දැක්වේ.

  • පවතින කාලගුන තත්වය
  • දුරකථනයෙන් සහ දුරකථන කුළුනේන් නිකුත්වන  තරංග වල ප්‍රබලතාවය
  • දුරකථන කුළුනු නඩත්තු කිරිමේ සහ විදුලි විසන් දි වීමේ අවස්ථාවන්
  • දුරකථනය පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය
  • දුරකථන කුළුනේ උපරිම ධාරතාවය ඉක්මවීම

ජංගම දුරකථනයක් කුළුනක් සමඟ සම්බන්ද වීමට බලපාන මූලික කරුනු වනුයේ,  දුරකථනය සහ දුරකථන කුළුන අතර තරංග වල ප්‍රබලතාවය සහ දුරකථන කුළුනේ උපරිම ධාරතාවයයි.  සාමන්‍යයෙන් ජංගම දූරකථනය, හොදම තරංග ප්‍රබලතාවය පවතින දුරකථන කුළුන සමඟ සම්බන්ද වේ. හොදම තරංග ප්‍රබලතාවයක් පැවතියද,  දුරකථන කුළුනේ උපරිම ධාරිතාවය ඉක්මවා ඇතිවිට ජංගම දූරකථනය වෙනත් ආසන්න දුරකථන කුළුනක් සමඟ සම්බන්ද වේ.  

තරංග වල ප්‍රබලතාවයට පවතින කාලගුන තත්වය තදින් බලපානු ලබයි.  වැසි සහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනක් වෙතින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවය, වැසි රහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනකින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවයට වඩා අඩුය. එබැවින් අපරාධකරු වැසි වසින අවස්සථාවක දුරකථන කුළුන ආසන්නයේ සිටිය ද ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය සම්බන්ද වනුයේ වැසි නොමැති ප්‍රදේශයේ ඇති දුරකථන කුළුනකට විය හැකිය. 


උදාහරණයක් ලෙස, 2775 ලෙස සඳහන් දුරකථන කුළුන ඇති ප්‍රදේශයේ වර්ෂාව පවතී නම්, කහගොල්ල ප්‍රදේශයේ තිබෙන ජංගම දුරකථනයක් දියතලාව ප්‍රදේශය ආසන්නයේ ඇති 2791 දරණ දුරකථන කුළුනට සම්බද විය හැකිය.  මෙහි දී අප ලබාගන්කනා දුරකථන වාර්තාව අනුව, කහගොල්ල ප්‍රදේශයේ සිටින්නකු, දියතලාව ප්‍රදේශය සිටින්නකු ලෙස වරදවා වටහා ගනියි.




බොහෝ පිරිසක් රැදී සිටිය හැකි ස්ථාන අසල ඇති දුරකථන කුළුනු,  උපරිම ධාරතාවයට පැමිණිම නිසා ඒ අසල ඇති බොහෝ ජංගම දුරකථන වෙනත් දුරකථන කුළුනු සමඟ සම්බන්ධ විය හැකිය. 

උදාහරණයක් ලෙස රෝගීන් බහුල අවස්ථාවක දී, 232 දරණ දුරකථන කුළුන උපරිම ධාරතාවයට පැමිණ තිබිය හැකි බැවින්, ඩරඩනස් රෝහල අසල සිටින අයකුගේ ජංගම දුරකථනය 312 දරණ දුරකථන කුළුනට සම්බන්ද විය හැකිය. මෙහි දී ඩරඩනස් රෝහල අසල සිටින අයකු කාගිල්ස් වෙලඳසල තුල සිට ඇතැයි වරදවා වටහාගනු ඇත.

දුරකථන කුළුනු නඩත්තු කිරිමේ අවස්ථාවක දී හෝ විදුලි විසන්දි වීමක දී දුරකථන කුළුන අක්‍රීයව පැවතිය හැකි බැවින්, ඒ අසල සිටින අයගේ ජංගම දුරකථනය ඉතා ඇතින් පිහිටි දුරකථන කුළුනක් සමඟ සම්බන්ද විය හැක. මෙහි දී අක්‍රීය වූ දුරකථන කුළුනු අසල සිටින අයකු, වෙනත් ප්‍රදේශයක සිට ඇතැයි වරදවා වටහාගනු ඇත.

කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා කුළුනේන් නිකුත්වන තරංග ලගා නොවන ප්‍රදේශ දුරකථන කුළුනක සෙවනැලි පෙදෙසක් ලෙස හැඳින්වේ. කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා දුරකථන කුළුනක් ආසන්නයේ සිටිය ද ලැබෙන තරංගය බොහෝ විට දුර්වල වේ.  මෙවැනි සෙවනැලි පෙදෙසක සිටින අයකුගේ දුරකථනය, කුළුනට බොහෝ ඈතින් පවතින වෙනත් දුරකථන කුළුනකට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, කුළුනු පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය අධ්‍යයනය කල යුතුය.

මේ අනුව, දුරකථන කුළුනු වාර්තාවක සදහන් කුළුන, ජංගම දුරකථනය භාවිථා කරන්නා රැදී සිටි ආසන්ම ස්ථානය ලෙස සැලකීම  සැමවිටම නිවැරදි නොවේ.    දුරකථන කුළුනු බොහෝ පවතින නාගරික ප්‍රදේශ වලදී මෙම වරද මඟින් සැලකිය යුතු බලපැමක් සිදු නොවන අතර,  දුරකථන කුළුනු දුලබ ස්‍ථාන වල දී, මෙම වරද සැලකිය යුතු මට්ටමකට පැමිණිය හැක. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, පහත කරුනු සළකා බැලීම අනීවාර්යය වේ.

  • වාර්තාවට අදාල කාලය තුල ප්‍රදේශයේ පැවති කාලගුන තත්වය
  • එම කාලය තුල විදුලි චිසන්දි විම හෝ දුරකථන කුළුනු නඩත්තු කිරිම සිඳු කර තිබේ ද යන්න
  • දුරකථන කුළුන පවතින ස්‍ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය
  • ප්‍රශ්න ගත දුරකථන කුළුන පවතින ප්‍රදේශය තුල වැඩි පිරිසක් රැස්වී නිසා,  එහි උපරිම ධාරතාවය ඉක්මවා තිබුනේ ද යන්න
  • මෙම කරුණු නොසලකා හරිමින් ඉදිරිපත් වන දුරකථන කුළුනු වාර්තා සත්‍ය තොරතුරක් ලෙස අධිකරණය පිළිගනු ලැබීම නිසා අපරාධකරුවන් නිදහස් විමට ද, නිවැරදි පුද්ගලයන් අපරාධකරුවන් විමට හැකියාවක් පවතී. එබැවින් දුරකථන කුළුනු වාර්තා මත නිගමන වලට එලඹීමට ප්‍රථම ඉහත සාධක ද සලකා බැලීම නුවනැති කරුණකි. අපරාධ විමර්ශන කටයුතු වලට දුරකථන කුළුනු වාර්තා මඟින් සුවිශාල සේවයක් සිඳු වුවද, එම  වාර්තා පරම සත්‍ය වාර්තා ලෙස සැලකිය නොහැකි බව ඔබට දැන් වැටහෙනු ඇතැයි මම සිතමි. 





    Thursday, October 14, 2021

    Sunday, August 15, 2021

    සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න (Slavery, time for stop it) !!


    ජනාධිපති ලිනකන් 1862 දී වහලුන් හට නිදහස ලබා දුන් වග අපි දනිමු. වැටුප් නොලබා ජීවිත කාලයම වෙනකෙකුට සේවය කරන්න් වහලුන් වේ. සත්‍ය ලෙසම ලිනකන් එදා සිටි වහලුන් නිදහස් කලද අපි අද වහලුන් වී සිටිමු. එදා වහලුන් දක්නට ලැබුනු ආයතන තුල අද වහලුන් නොසිටිය ද බොහෝ අයතන සහ පුද්ගලය සඳහා අපි වහල් සේවය සපයමු. අපි අද දේශපාලන සහ සමාජ ජාලා වහලුන් වී සිටිමු. එදා සිටි වහලුන් උන් වහලුන් වග දැන සිටිය ද අපි අද එය නොදනී. 

    කාලය සහ ධනය වැය කරමින්  සමාජ ජාලා සහ දේශපාලුවන් හට සතුටින් සේවය කරණ කීකරු අසරණ වහලුන් අපි වෙමු. අපි සේච්චාවෙන් දෙනු ලබන අපගේ තොරතුරු අන් අයට විකුනා සමාජ ජාලා හිමි කරුවන් ධනවත් වේ. අපි සේච්චාවෙන් දෙනු ලබන බලය අවභාවිතා කර දේශපාලුවන් ධනවත් වේ. අපි අපගේ කාලය සහ ධනය අපතේ යවමින් දින දින දුප්පත් වෙමු. සමාජ ජාලා සමාගම් අධික ලාබයක් ලබනුයේ අප වැනි තොරතුරු සපයන අහින්සක මෝඩයින් නිසාය. සමාජ ජාලා සමාගම් අපට නොමිලේ සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි සමාජ ජාල සමාගම් වලට අපි නොමිලේ සේවය කිරීමය. මැති ඇමතිවරු අපට සේවය සපයන බව පෙනුනද, සැබවින්ම සිදු වන්නේ අපි එතුමන්ලාට  නොමිලේ සේවය කිරීමය. ඔබගේ වහල් සේවය මදකට නවතා නැවත සිතීමට කාලය පැමින තිබේ.

    දිනකට අන්තර් ජාලය තුල ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා දැයි නැවත සිතන්න. ඔබ කොපමන මුදලක් අන්තර් ජාල පහසුකම වෙනුවෙන් වැය කරනු ලබනවා ද කියා සිතන්න.  ඔබ වැය කරණ කාලය සහ මුදලින් හරි අඩක් හෝ වැඩි කොටසක් ඔබ වැය කරනු ලබන්නේ අන්තර් ජාලය තුල රස්තියාදු වීමටය. සමාජ ජාලා සමාගම් වලට දත්ත සැපයීමටය.  ඡායාරූප, වීඩියෝ දර්ශන, කොමෙන්ටු හෝ ලයික් ලෙස ඔබ සපයනුයේ එම ආයතන සඳහා අවැසි දත්තය. මේදින වලදී ඔබ අසරණව නිවසේ සිටිමින් වැඩි වැඩියෙන් එම සමාගම් වලට කරනු ලැබූ සේවය නිසා, එම සමාගම්, වැඩි වැඩි යෙන් ලාබ උපයා ගනී.  ඔබගේ සේවය සඳහා සමහර සමාගම් ඔබට යම් මුදලක් ගෙවනු ලැබූව ද බොහෝ සමාගම් ඔබගේ සේවයට කිසි දිනක මුදල් නොගෙවනු ඇත. ඔබ නොදැනුවත්වම සමාජ ජාල වහලකු වි තිබේ. ඔබ නිදිවරමින් මේ සේවය කරන්නේ බහු ජාතික සමාජ ජාලා සමාගම් වෙතය. 

    නැවත සිතන්නට මේ හොදම කාලයයි. අපි තවදුරටත් සමාජ ජාලා සමාගම් වල වහලුන් නොවන බව පෙන්විමට මේ හොදම කාලයයි. එවිට ඔවුන් ලබනා අධික ලාබයේන් කොටසක් හෝ‍ අප වැනි අසරණ වහලුන් වෙත ලබා දීමට එම සමාගම් වලට සිදුවනු ඇත. 

    දේශපාලක උතුමන්ලාගේ අතේ පැලවෙන බොරු අසා සිටීමට ඔබ කොපමන කාලයක් වැය කරනු ලබනවා ද කියා නැවත සිතන්න. එතුමන් ලා පවසන්නේ බොරු බව දැන දැනත්, ඔබ එය අසා සිටීයි. කොපමන පොස්ට් එතුමන්ලා ට එරෙහිව කොටනු ලැබූව ද, තට්ටු මාරුවට එතුමන් ලාම බලයට ගෙන එනු ලබන බව එතුමන් ලා ද දැන සිටීයි. එබැවින් අප වැනි අසරණ වහලුන් හට දේශපාලක උතුමන් ලා කිසිදිනක සාධාරණයක් සිදු  නොකරනු ඇත. 

    දැන් පැමිණ ඇත්තේ සිතන්නට කාලයක් මිස සමාජ ජාලා වල කොටන්නට කාලයක් නොවේ. සිතන්න. වහල් භාවයෙන් මිදෙන්න.


    ආචාර්ය කසුන් ද සොයිසා
    පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය
    කොළඹ විශ්ව විද්‍යාලය



        


    Sunday, November 1, 2020

    Sunday, June 14, 2020

    Thursday, March 7, 2019

    Sunday, December 23, 2018

    Total Pageviews

    Popular Posts

    Copyright © Dr. Kasun De Zoysa | Powered by Blogger
    Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com