සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දකුණු දළදා වහන්සේ සෝමාවතී මහ සෑයේ වැඩ වසන බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. ගිරි අභය
රජතුමා දකුණු දළදා වහන්සේ නිධන් කර සෝමාවතී මහා සෑය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන
ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම සෝමාවතී
ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත.
සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන්
අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය [සෝමාවතී වෙබ් අඩවිය].

ක්‍රි.පූ. 2 වැනි සියවසේදී ද, දකුණු දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහ පිරිස සෝමාවතී පුද බිම වෙත පැමිණෙන්නට ඇත. අද මහ පිරිස් සෝමාවතීය වෙත පැමිණෙන්නේ දකුණු දළදා වහන්සේ වැදපුදා ගැනිමට නොව බුදු රැස් දැක බලා ගැනීමට බව මම දුටුවෙමි. නායක හාමුදුරුවන් ප්‍රාතිහර්‍යයන් ගැන වර්නනා කරද් දි, ඉහල අහසට කැමරා මානා ගෙන පින් රැස් කරණ තරුණ තරුණියන් සහ උපාසක උපාසිකාවන් සෝමාවතීය පුද බිමේ දී අද බහුලව දැකිය හැක. නිකවැරටිය මීවැල්ලාව සහ යාපහුව දොළුකන්දට සිදු වු දෙය සෝමාවතීයට සිදුවන බව නායක හාමුදුරුවන්හට නොතේරීම අපගේ අවසනාව යැයි මට සිතුණි.

වසර දහස් ගණනකට පෙර සුද්දන් හිරු එළියට සහ සද එළියට වදින කළ, අහස උසට දගැබ් තනා, මුහුද පරදන වෑව් බැදි අපි, අද දවසේ අසරණ වි හිරු සහ සද එළියට වැද වැටෙමු. ගිරි අභය
රජතුමා මෙම මහා සෑය ඉදිකරන ලද්දේ බෑකෝ බුල් ඩෝසර නොතිබුන යුගයකය. පරිසරය රකිමින් සිදු කරණ සංවර්ධන, පරිසරය විසින් රැක දෙන බව ගිරි අභය
රජතුමා දැන සිට ඇත. සෝමාවතිය වැද පුදා ගැනීමට අපට අද හැකි වන්නේ ඒ නිසාය. බෑකෝ
බුල් ඩෝසර වලින් අපේ රජවරු සෝමාවතිය නෑවත ගොඩ නගන සැටි දුටු වොත්, ගිරි අභය
රජු හඩා වැටෙනු නියතය.
ලංකාව සිංගප්පූරුවක් කරණ බවට මොර දෙන අපේ නූතන රජ වරුන්ට සෝමාවතීය පුද බිමෙන් බොහෝ දෑ ඉගෙන ගත හැක. පරිසරය වනසා කරණ සංවර්ධනය නවතා, අප සතුව තිබු පරිසර හා බැදුන සංවර්ධනය හා දැනුම නැවත සොයාගත යුතු වේ. බුදුරැස් දැකීමට නොව, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ගුන නැණ බලය වන්දනා කිරීමට සෝමාවතීය වෙත අපි යා යුතු වෙමු.
මෝහයෙන් අන්ධ වී සිටින මිනිසුන් අවදිකරවා, සත්‍යා දැකීමට මග පෙන්වන ලෙස, සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ ගෙන් මම අයද සිටියෙමි.
මෝහයෙන් අන්ධ වී සිටින මිනිසුන් අවදිකරවා, සත්‍යා දැකීමට මග පෙන්වන ලෙස, සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ ගෙන් මම අයද සිටියෙමි.
ආචාර්ය කසුන් ද සොයිසා
කොළඹ විශ්ව විද්‍යාලය
Must watch video on Somawathiya budures - https://youtu.be/RCXbEP_UVe8
ReplyDeleteHow can you see this is just a illusion ? I can't agree with your article.