ඩොලර් යුරෝ පැරදූ සයිබර් කාසි
සල්ලි දෙවියන් ගේ මල්ලී බව බොහෝ අය පවසයි. ඩොලර් පවුම් සෙවීමට මිනිසුන් නොවිදින දුකක් නැත. රටක භාවිථා වන මුදල් එකකයේ වටිනාකම තීරනය කරනු යේ එයට ඇති ඉල්ලුමය.සමහර රටවල් තම මුදල් ඒකකයේ වටිනාකම කෘතීමව පාලනය කරයි. සමහර රටවල් එවා ඉල්ලුම සහ සැපයූම මත තීරණය වීමට ඉඩ දේ. අද දිනයේ දී, සයිබර් අවකාශය තුල සංසරණය වන සයිබර් මුදල් ඒකක ලොව බලවත් මුදල් ඒකක දරුනු පීඩනයකට ලක් කර තිබේ.
ඔබ දන්නා පරිදි සයිබර් අවකාශයට ලෝක දේශ සීමාවන් අදාල නොවේ.අද දවසේ දී ලෝක දේශ සීමාවන් අදාල නොවන සයිබර් මුදල් ඒකක ද බිහිවී තිබේ. මෙවැනි මූදල් එකක දහසකට අධිම සංඛ්‍යවක් සයිබර් අවකාශය තුල සංසරණය වේ. එම නූතන මුදල් ඒකක සහ සම්ප්‍රදායක මුදල් ඒකක අතර තියූනු තරඟයක් ඇතිවී තිබේ.
මුලින්ම ලොකයට හදුන්වා දුන් සයිබර් මුදල් ඒකකය බිට් කාසිය(Bitcoin)ලෙස හැදිනවේ.2009වසරේ දී තවමත් නොහදුනන අයකු(Satoshi Nakamoto)ප්‍රථම බිට් කාසිය සයිබර් අවකාශයට මුදා හැර තිබේ.බිට් කාසියට කිසිදු අයිතිකරුවකුවත් පාලකයකු වත් නැත. ඒවා කිසිදු රටක මහ බැංකුවට අයත් නොවේ. බිට් කාසි ය භාවිථා කරණ සියල්න් එහි අයිති කරුවන් වන අතර එහි අගය ඇති ඉල්ලුම සහ සැපයුම මත තීරණය වේ.එම කාසියේ අරම්භක වටිනාකම ඩොලර් එකක් වූ අතර,ආරම්භයේ දී එයට කිසිදු ඉල්ලුමක් නොතිබිනි.
2010 සහ 2013වසර අතරේ දී නොහදුනන අයොජකයින් පිරිසක් මෙම අපූරු කාසිය මිලදී ගැනීම අරභයි. ඒ සමඟම සයිබර් පාතාලය මෙම කාසිය තම ගනු දෙනු සදහා යොදා ගනීයි.පසුව සයිබර් අවකාශය තුල ඇති බොහෝ වෙළද අයතන මෙම කාසිය භාවිථා කරයි.අද දවස වන විට බිට් කාසියට ඇති ඉල්ලුම සිතාගත නොහැකි තරම්ය. 2010 වසරේ දී ඇමරිකානු ඩොලර සියයකට අඩුවූ බිට් කාසියක අද මිල ඇමරිකානු ඩොලර් අටදහසකට (8000)වැඩිවේ. 2010 වසරේ දී බිටි කාසියක සියයක ඇමරිකානු ඩොලර් දස දහසක් අයෝජනය කල පුද්ගලයකු හට අද දින ඇමරිකානු ඩොලර් 800000 වැඩි වත්කමක් හිමි වී තිබේ.උදාහරණයක් ලෙස ලංකාව ග්‍රික් බැදුම්කර වෙනුවට බිට් කාසි මත මුදල් ආයෝජනය කලේ නම්, අප සතූ බොහෝ විදේශ ණය අද දින ගෙවා දැමිය හැක වේ. එනමුත් ඉතා අධික මිලකට අලෙවි වන බිට් කාසි මත අද සිදු කරණ අයෝජන,ඉතා අනතුරු දායක වේ.
ස්‍විඩනය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් මෙම කාසි නිත්‍යානුකූල මුදල් ඒකක ලෙස පිළිගෙන තිබේ.සමහර රටවල් ඒවා තහනම් කර ඇත.ස්කැන්ඩිනේවියන් රටවල් තුල බිට් කාසි තමන් ගේ රටවල මුදල් බවට හරවා ගැනීමට ටෙලර් (ATM) යන්ත්‍ර පවා ස්ථාපිත කර තිබේ. බොහෝ රටවල් බිට් කාසි වෙනුවට තමන්ගේ පාලනයට යටත් වෙනත් සයිබර් කාසි හදුන් වා දීමට පියවර ගණිමින් සිටී. ඒ සදහා හොදම උදාහරණය සිංගප්පූරුව යි.
සෑම කාසියකම දෙපැත්තක් ඇති ලෙසම බිට් කාසි වලද හොද නරක දෙකම ඇත. අද දවස තූල බිට් කාසි වැඩිපුරම භාවිථා වන් නේ නිති විරෝදී ගනු දෙනු සදහාය. පරිගණක පාතාලය කප්පම් ගැනිම සදහා ද,කුඩු,අවි ආයුධ විකිනීම සදහා ද, රටවල් අතර මූදල් හුවමාරු කර ගැනීම සදහා ද, බිට් කාසිය භාවිථා කරයි.දේශපාලකයින් හොරකම් කල මුදල් සැගවීම සදහා ද බිට් කාසි භාවිථා කරයි.මෙම ගනු දෙනු රහසිගතව කර ගත හැකි ක්‍රම බිට් කාසිය මඟින් ඔවුන් නිර්මානය කර ගෙන තිබේ. මෙලස සංසරණය වන බිට් කාසි,ලොව පුරා ඇති බැංකු වෙත ඉතා දැඩි පීඩනයක් නුදුරු අනාගතයේ දී නිසැකවම ඇතිකරයි.
බිට් කාසිය යනු සංකීර් ගණිත සමීකරණයකට අනුගත වන සංඛ්‍යාවකට දෙනු ලබන ත්යගයකි. මෙම සමීකරණයට ගැලපෙන සංඛ්‍යාවන් ඇත්තේ සීමිත ගනණක් බැවින්,ලොවට සැපහිය හැක්කේ සීමාසහිත බිට් කාසි ප්රමානයකි. ලොව පූරා මිනිසුන් සහ ආයතන මෙම අපූරු සංඛ්‍යා සෙවිමේ යෙදී සිටී. මෙම සංඛ්‍යා සොයාගන්නා ඕනෑම අයකු හට නියමිත බිට් කාසි ප්‍රමානයක් හිමි වේ. අද දිනයේ දී බිට් කාසියක් සොයා ගැනීම ඉතා අසීරු වී ඇති බැවින් බොහෝ පුද්ගලයින් සිදු කරණුයේ බිට් කාසි මිලදී ගැනීමයි.
බිට් කාසියක් භාවිතයට පෙර,බිට් කාසි ලිපිනයක් සාදාගත යුතුවේ.එවැනි ලිපිනයන් සාදා ගත හැකි විවෘත පරිගණක මුද්‍රකාංග සයිබර් අවකාශයේ තිබේ. බිට් කාසි හුවමාරුව මෙවැනි ලිපිනයන් අතර සිදුවේ. ඕනෑම අයකුට බිට් කාසි ලිපිනයන් ඕනෑම ගනණක් තිබිය හැකිය.බිට් කාසි ලිපිනයන් අතර සිදුවන සෑම ගනුදෙනු වක්ම, බිට් කාසි සෙවීමේ යෙදී සිටින සියලු පරිගණක තුල සටහන් වේ.එබැවින් තහවරු වන බිට් කාසි ගනුදෙනු මට මතක නැත කියා ප්‍රතික්ෂේප කිරිමට කිසිවෙකුට නොහැකි වේ.
බිට් කාසි ලිපිනයක් සැදීමේ දී තමන්ගේ අන්‍යතාවය හෙලි කිරීම අනිවාර්ය නොවේ. එබැවින් භාවිථා කරන්න්ගේ අන්‍යතාවය තහවුරු කර ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ගනුදෙනුව සිදුවන බිට් කාසි ලිපිනයන් සැමට පැහැදිලි වුවද,ඒවායේ හිමිකරුවන් හදුනා ගැනීම අසීරුවේ. එබැවින් කප්පන් ලබාගැනීම වැනි නීතිවිරෝදී කටයුතු සදහා අපරාධ කරුවෝ බිට් කාසි භාවිථා කරති. මෙලෙස බිට් කාසි භාවිථා කරණ අපරාධ කරුවන් නීතීයේ රැහනට හසු කර ගැනීමට විවිධ රටවල් විවිධ උපක්‍රම භාවිථා කරයි.
ඉදිරි වසර දහය තුලදී, මිනිසුන් සම්ප්‍රදායක මුදලින් මිදී බිට් කාසි වැනි සයිබර් මුදල් එකක වෙත ඇදී යාම කිසිදු රජයකට පාලනය කල නොහැකි බව මාගේ මතයයි.රජයනට සිදුකල හැකි සුදුසුම පියවර වනුයේ බිට් කාසි වැනි නූතන සයිබර් මුදල් එකක තම රටවලට හදුන්වා දීමය. ඒවා නීති විරොදී කටයුතු සදහා භාවිථා කල නොහැකි වන ලෙස නව නීති හදුන්වා දීමය.
උදාහරණයක් ලෙස අපගේ සම්ප්‍රදායක මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකු වේ පාලනයට යටත් සයිබර් මුදල් ඒකකයක් මසුරම ලෙස හදුන්වා දිය හැකය. මසුරම් හුවමාරු කිරීම සදහා සෑම පුද්ගලයකු හෝ අයතනයකට මසුරම් ලිපිනයක් තිබිය යුතුය.බිට් කාසි ලිපිනයන් අන්‍යතාවය තහවරු නොකොට සැදිය හැකි වුවත්,මසුරම් ලිපිනයන් අන්‍යතාවය තහවරු කර සැදීමට වැඩපිළිවෙලක් යෙදිය හැකිය.
අන්‍යතාවය තහවරු කර සාදන මසුරම් ලිපිනයන් අතර නීත්‍යානුකූල ලෙස සිදුවන ගනු දෙනු සම්පුර්ණ විනිවිද භාවයකින් යුක්ත වේ. උදාහරණක් ලෙස අනාගත ශ්‍රී ලංකා රජයක් තම ගනුදෙනු තමන්ගේම සයිබර් මුදල් ඒකකය වන මසුරන් මඟින් පමණක් සිදු කලහොත්, සියලු ගනු දෙනු සියලු පුරවැසියන් හට දැක බලාගත හැකි වේ.එම තොරතුරු කිසිදා මකා දැමිය නොහැකි වේ.මෙමඟින් සොරු සැමට සැමදා පෙනෙනා බැවින්,සොරුන් සෙවීමට කොමිසන් සභා හෝ අධිකරණ පිහිට වීමට අවශ්‍ය නොවේ.බැදුම්කර ගනුදෙනු සදහා මෙවැනි සයිබර් මුදල් ඒකක මසුරම් වටී.
රජයක් තමන්ගේම සයිබර් කාසියක් හදුන්වා දීම තුලින් මුදල් මුද්‍රණයට යන වියදම ද ඉතුරු වේ. බැංකු අතර සිදුවන් ගනු දෙනු ද කඩිනමින් සහ පහසුවෙන් කළ හැකි වේ.බදු මුදල් ලබා ගැනීම ස්වයංක්‍රිය ලෙස සිදු කළ හැකි වේ. ණය කාඩ් පත් වැනි වෙනත් මුදල් සංසරණ ක්‍රම අවශ්‍ය නොවේ.පුද්ගලයින් අතර රිජුවම කඩිනමින් මුදල් හුවමාරුකර හැකි වේ.උදාහරණයක් ලෙස, තම මවට හන්දියේ කඩයෙන් සීනි සියයක් මිලදී ගැනීම සදහා අරාබියේ සිටිනා පුතකුට මුදල් ගෙවිය හැකිවේ. එ සදහා කලයුත්තේ, පුතුගේ මසුරන් ලිපිනයෙන් මුදලාලිගේ මසුරන් ලිපිනයට මසුරන් එවීම පමණි. මෙවැනි ගනුදෙනු සදහා කිසිදු බැංකුවක් අවශ්‍ය නොවන අතර, සියලු ගනුදෙනු ආරක්ෂිතව සැනකින් සිදුවේ. ගනු දෙනු කරුවා සිටනා රට මැවැනි සයිබර් කාසි හුවමාරු සදහා අදාල නොවේ.
සයිබර් මුදල් ඒකක භාවිථය මඟින් රටකට සුවිශාල වාසි ලාබා ගත හැකි වුවද, අද දිනයේ දී මෙම මුදල් ඒකක මූලිකවම භාවිථා කරන්නේ අපරාධකරුවන්ය.එබැවින් සමහර රටවල් සයිබර් මුදල් ඒකක ගැන බියවී ඒවා තහනම් කරයි.
ශ්‍රීලංකාව එවැනි අනුවන තීරණයක් නොගනිනු ඇතැයි මම සිතමි. ශ්‍රී ලංකාව වැනි රටවල් සිදූ කල යුත්තේ තමන්ගේ ම සයිබර් මුදල් ඒකක හදුන්වා දීමය.එනමුත් ශ්‍රී ලංකාව තුල අපගේම සයිබර් මුදල් ඒකකයක් හදුන්වා දිමට තරම් නිර්භිත රජයක් බිහි නොවන බව ද මාගේ අදහසය.
ආචාර්ය කසුන් ද සොයිසා
අධිකරණ පරිගණක විද්‍යාව සහ පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්ව විද්‍යාලය