සුනාමිය සහ අපේ අප්පච්චී
අපේ අප්පච්චී ගුරුවරයෙකි. අට දෙනෙකු ගෙන් සැදි පවුලක දෙවැනියා වූ ඔහු, අපේ අප්පච්චී මෙන්ම, අප්පච්චී මිය ගිය ඔහු ගේ පවුලේ අප්පච්චී ද විය. ගුරුවරයෙකු වු ඔහු ටියුෂන් ගුරුවයකු නොවූ බැවින්, අප රැක ගැනීම සදහා පොල් තෙල් කම්හලක් ද නඩත්තු කළේය. සුන්දර වෙරලක තිබූ අප නිවස සහ කම්හල මැදින් ගාලු කොළඹ මහා මාර්ගය ඉදිව තිබිණි. මධ්‍ය මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙක් වූ ඔහු, තම පුතා විශ්ව විද්‍යලයක පරිගණක ගුරුවරයකු වීම ගැන නිතර අඩම්බර විය.
අපේ නිවස 1994 දෙසැම්බර් |
පසුදා උදෑසන තම නිවස සහ කම්හල මුහුදට සේදී යන බව වෙරලින් ඉවත්වූ අපේ අප්පච්වී දැන නොසිටියේය. තව හෝරාවකින් මිය යන බව නොදැන සිටි, මාගේ අසල්වැසියන් කිහිප දෙනෙකුම අප්පච්චී සොයා අප නිවසට පැමිණ, අප්පච්චී කොළඹ ගිය බව අසා නික්ම ගියේය. වාරකන් සමයට ගාලු පාර වසා රළ පහර ඇදී යන බව මා දැන සිටියද, සුනාමි රළ පහරෙහි දිග පළල මම දැන නොසිටයෙමි.
අපේ නිවස 2004 දෙසැම්බර් |
අපේ ගම - 2004 දෙසැම්බර් |
දේපල අත් හැරීමට හැකි මිනිසුන් හට පලා යාමට සුනාමි රළ ලබා දුන් විනාඩි කිහිපය තුල මම ද පලා ගියෙමි. දේපල අත්හැරිමට නොහැකි මිනිසුන්, ගාලු පාරෙහි ධාවනය වුනු මෝටරථ තුල සිටි මිනිසුන්, මරණය පැමිණෙන තෙක් බලා ඉදිණු පලා යන මම දුටුවෙමි.
සියලු මාර්ග අවහිරව තිබියදීත්, අත දරුවන් දෙදෙනකු සහ බිරිද සමග පන්සලක අතරමං වී සිටි මා සොයා කොළඹ සිට පැමිණීමට අපේ අප්පච්චීට ගත වූයේ හෝරා කිහිපයකි. කිසිවකු නැවත යාමට බිය වූ වෙරළ වෙත අප්පච්චී අප රැගෙන ගියේය. සුනාමි රළ පහරින් පසුව නැවත වෙරළට පැමිණි ප්‍රථම මිනිසා අපෙ අප්පච්චී විය හැකිය. එලෙස පැමිණි අපි, හැට වසරක් තුල අප්පච්චී ගොඩ නැගූ දේපල නොදුටු අතර, මග දෙපස විසිර තිබෙන මළසිරුරු පමණක් දුටුවෙමු.
දේපල නැතිවීම ගැන නොතැවුනු අපෙ අප්පච්චී විසිර තිබූ මළ සිරුරු අතර, අතුරුදන් වූ නෑහිතවතුන් සෙවුවේය. දින කිහිපයකට පසු, කුණුව ගිය තිදෙනකු ගේ මළසිරැරැ ඔහු සොයා ගත්ත ද, පහලොස් දෙනකු ගේ සිරැරැ සොයා ගැන්මට ඔහුට නොහැකි විය. දේපල නැතිවීම ගැන නොතැවුණු අපේ අප්පච්චීගේ සිත, වැල්ලේ සැගව ගිය නෑහිතවතුන් දහඅට දෙනා ගැන නිතර සැලුන වග මම දනිමි.
සෝදා ගිය නිවස සහ කම්හල එතැනම නැවත ඉදි කිරීම අප්පච්චීගේ එකම සිහිනය විය. එයට ඉඩ නොදුන් රජය, අපේ ගම රජයේ ඉඩමක නැවත ඉදි කිරීමට පොරොන්දු විය. ඒ සදහා වසරකට අධික කාලයක් නිලධාරී පසුපස ගිය අපේ අප්පච්චීට, අපේ ගම නැවත තනා ගැන්මට හැකි විය. ගම නැවත තැනූව ද, වෙරලින් ඉවත් කල ඒ මිනිසුන්ට රැකියාවක් ලබා දීමට අප්පච්චීට වත් රජයටවත් නොහැකි විය.
ගම නැවත ඉදිවූ පසු පොල් තෙල් කම්හල නැවත ඉදි කර ගැනීමට, ඔහු ගත් වෙහෙස දුක් මුසු විය. අවසානයේ දී, මාගේ විදෙස් මිතුරකු, කම්හල නැවත ඉදි කිරීමට අප්පච්වීට අත හිත දුන්නේය. වසර දෙකකට පසු කම්හල නැවත ඇරඹීම, අප්පච්වීගේ සිතට යම් සහනයක් ගෙන දුන් බව මම දනිමි.
අපේ ජීවිත නිසරු කල සුනාමිය, සුනාමිය නොදුටු බොහෝ ජීවිත සරැ කළේය. පොහොසතකූ වූ අප්පච්චී දුප්පත් කල සුනාමිය අලූත් පොහොසතුන් තනන දෙස අප්පච්වී බලා සිටියේය. මිය යන බව නොදන් මිනිසුන් සුනාමි සහන සොරා කන අයුරැ ද අප්පච්චී බලා සිටියේය. ඒ බව දුටු අපෙ අප්පච්වී, කිසිවෙකුටත් සොරා ගත නොහැකි වස්තුව දැනුම බව අපට නිතර කීවේය. එය හොදින් පැහැදිලි කර දෙමින්, උගත මනා සිල්පය, අප්පච්වී සමග තනි වූ අපේ එකම ගැලවුම් කරු විය. නැති වූ දෑ, නොලැබුනු දෑ ගැන නොසිතූ අපෙ අප්පච්චී, ඉතුරැවූ අධ්‍යාපනය තුලින් ජීවිතය ගොඩ නැගීමට අපට මග පෙන්වීය. එමගින් ඉදිරියට ගිය අපෙ අප්පච්චී නැවත පොහොසතුකු විය.
නැවත පොහොසතකු වුව ද, සිදූ වූ සියල්ල නිසා අප්පච්වී දරුණු සිත් වේදනාවක් නිහඩව විද දරා ගෙන තිබිණි. එම වේදනාව, ඔහු පාකින්සන් රෝගියකු බවට පත් කළේය. සුනාමි නිසා පාකින්සන් රෝගියකු බවට පත් වූ අපේ අප්පච්වී මින් සිව් මසකට පෙර මිය ගියේය.
නිතියෙන් ගැලවී ජිවත් වන සුනාමි සොරුන් හට, සොබාදහමින් ගැලවිය නොහැකි බව මිය යාමට බොහෝ කලකට පෙර අප්පච්චී කීවේය. සුනාමිය නිසා අසරණ වූ මිනිසුන් විකිනීමට පැමිණි මහත්හොරුන් අප්පච්චී පලවා හැරියේය. මළවුන් වැනි වූ සුනාමි සොරුන් ගැන අපේ අප්පච්චී වෛර නොකරන්නට ඇතැයි මම සිතමි.
අපේ අප්පච්චී |
වසර දහයක් ගෙවී ගොස්, දෙසැම්බර් මස නැවත උදාවී ඇත. සුනාමිය නිසා තවමත් දුක් විදින මිනිසුන් ගැන රටට මතකයක් නැත. සුනාමිය නිසා මිය ගිය ද, අපේ හදවත් වල සදා ජීවත් වන, අපෙ අප්පච්චී වැනි මිනිසුන් වෙනුවෙන්, මම මෙම කෙටි සටහන තබමි.
ආචාර්ය කසුන් ද සොයිසා
කොළඹ විශ්ව විද්‍යාලය
අපි සර්ගේ නිහතමානීත්වය බොහෝම අගය කරනවා. අපිට සර්ව මතක තියෙන්නේ MCS එකට Cryptography කරපු සර් විදිහට නෙවෙයි. සරල අව්‍යාජ, පොලවෙ හොදට පය ගහල ඉන්න උගත්කමින් ඔලුව උදුම්මවා නොගත් උතුම් මිනිසෙක් විදිහට. ඔබට ජය...
ReplyDeleteKasun I remember your father very well,after university I visited your home but you was not there. He talked with me.He asked me about my job. I told him that I am a teacher now,He was very happy and asked back are you doing private classes .I said no. After he said , very good son, teachers not need to sell their profession, I was teaching many years I never did private classes.
ReplyDeleteAfter Tsunami I went your place ,I couldn't find even the place where your house was.
I think after few years we met again at Ambalngoda.
Your father is a great person with great ideas.
May he attend Nibbana
Sunil Welikala
Seychelles
I was very lucky to meet him once. Hats off to the great human being. Courage and heart - those two words explain him a lot. Saddharmaya awabodha wewa!
ReplyDeletevery touching
ReplyDeleteEach word describes your love and respect to your appachchi. I can remember your house and your parents. Can you remember we visited there one day in 1998. You can be proud of him. May he attend nibbana.
ReplyDeleteGerat experiance, always great teachers and great parent teach us how to live, how to let go things and most importantly how to live without disturbing others.
ReplyDeleteAsela, Bremen
it touched my heart. but no words to explain it. thank you very much
ReplyDeleteGreat Sir ....
ReplyDeleteMIT 2010
Nothing to say sir!!! It just brought tears to my eyes. A story of humanity!
ReplyDelete