අධිකරණය නොමඟ යවන දුරකථන කුළුනු වාර්තාව
ආචාර්ය කසුන් ද සොයිසා
පරිගණක ආරක්ෂාව පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
අධිකරණය සැකකරුවන් සිටි ස්ථාන හඳුනා ගැනීම සඳහා දුරකථන කූළුනු වාර්තා නිතර කැදවයි. දුරකථන කූළුනු වාර්තා මඟින් යමකූ සිටි ස්ථාන ඉතා නිවැරදිව පැවසිය හැකි බව අධිකරණය උපකල්පනය කරයි. එම උපකල්පනයේ ඇති නිවරදිතාවය අධිකරණය විසින් ප්‍රශ්න කීරීමට ලක් නොකරණ අතර, මෙම ලිපියේ අරමුණ එහි ඇති නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කිරීම වේ. ප්‍රථමයෙන් අපි ජංගම දුරකථන ආධාරයෙන් කෙනෙකු සිටිනා ස්ථානය හඳුනා ගන්නා අයුරු අවබෝධ කරගනිමු.
ජංගම දුරකථන තිබෙන ස්ථානය හඳුනා ගත හැකි ආකාර කිහිපයක් තිබේ. ඒවා නම්, ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS), වයිෆයි (Wifi) සංඥ සහ දුරකථන කුලුනු වාර්තාය.
1. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS))
ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (Global Positioning System(GPS)) මඟින් ජංගම දුරකථන තිබෙන ස්ථානය ඉතා නිවැරදිව හඳුනා ගත හැක. මෙහිදී, GPS චන්ද්‍රකාව මඟින් නිකුත් කරනු ලබන සංඥ, ජංගම දුරකථනය මඟින් ග්රහනය කරනු ලබයි. චන්ද්‍රකාව සංඥව නිකුත් කල කාලය සහ දුරකථනයට එය ලැබුන කාලය අතර පරතරය මඟින් දුරකථනයේ සිට චන්ද්‍රකාවට ඇති දුර ගණනය කරයි. අපගේ දුරකථනයේ සිට චන්ද්‍රකා හතරකට ඇති දුර දන්නේ නම් දුරකථනය පවතින ස්ථානය පහත සමීකරණ හතර විසදීම මඟින් ඉතා නිවරදි ලෙස ගණනය කල හැකිය.
මෙවැනි මුද්‍රකාංගයක් ස්ථාපිත කර නොමැති අවස්ථාවක දී, අපරාධකරුවකු ලඟ තිබී අත්අඩංගුවට ගන්නා ජංගම දුරකථනයක් මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හෝ ඇය සිට ස්ථාන ලබාගත නොහැකිය. එහෙත් සමහර අවස්ථාවල දී, ජංගම දුරකථනය තුල තිබෙනා සමහර මුද්‍රකාංග මඟින් ඔහු හෝ ඇය සිට ස්ථානය දුරකථනය තුල තුල පටිගතවී තිබිය හැක. එම අවස්ථා වල දී පමනක් අත්අඩංගුවට පෙර ඔහු හො ඇය සිට ස්ථාන ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය.
2. වයිෆයි (Wifi) සංඥ
නූතන ජංගම දුරකථන ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා වයිෆයි(Wifi) යන රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය භාවිථා කරයි. මෙම තාක්ෂණය ඔස්සේ ඉන්ටනෙට් වෙත පිවිසීම සඳහා ජංගම දුරකථන, වයිෆයි රවුටරයක් සමඟ සම්බද වේ. එහිදි එම වයිෆයි රවුටරය පිළිබඳ තොරතුරු ජංගම දුරකථනයේ සටහන් වේ. මෙම වයිෆයි රවුටර තිබුන ස්ථාන අපි දන්නේ නම්, එමඟින් ජංගම දුරකථනය තිබූ ස්ථානය අනුමාන කල හැකිය.
මෙලෙස භාවිතයට ගෙන තිබෙන වයිෆයි රවුටරය මඟින්, දුරකථනය තිබුන ස්ථාන පිළිබද වාර්තාවක් ලබා ගත හැකි වේ. මෙම වාර්තාව මඟින් අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු හො ඇය සිට ස්ථාන ඉතා නිවැරදි ලෙස අපරාධ පරීක්ෂකයන් හට ලබාගත හැකිය. එනමුත් අපගේ අධිකරණ තුල එවැනි වාර්තා භාවිතා වනුයේ අල්ප වශයෙනි.
3. දුරකථන කුළුනු
ජංගම දුරකථනය තිබෙන හෝ තිබුනු ස්ථානය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිථා වනුයේ දුරකථන කුළුනු වාර්තාය. ජංගම දුරකථන ඇමතුම් ලාබා දීම සහ ලබා ගැනීම සඳහා ජංගම දුරකථනය අනිවාර්යෙයෙන්ම දුරකථන කුළුනක් සමඟ සම්භන්ද විය යුතුය. සෑම දුරකථන කුළුනුනක්ම ඒ සමඟ සම්භන්ද වි ඇති ජංගම දුරකථනයේ තොරතුරු පටිගත කර ගනියි. දෙන ලද ජංගම දුරකථනයක්, දෙන ලද කාලයක් තුල සම්බන්ද වි තිබුනු දුරකථන කුළුනු පිළිබඳ වාර්තාවක්, අධිකරණ නියෝගයක් මඟින් දුරකථන සමාගම් ලබා දේ. මෙය දුරකථන කුළුනු වාර්තාවක් ලෙස හැඳින් වේ. අපරාධ කරුවකු සිටි ස්ථානය තහවරු කර ගැනීම සඳහා බොහෝ විට භාවිතයට ගනු ලබන්නේ මෙම දුරකථන කුළුනු වාර්තාවය.
මෙයට අමතරව ජංගම දුරකථනයෙන් නිකුත්වන තරංග වල ප්‍රබලතාවය මඟින් ද, ජංගම දුරකථනය, කුළුනේ සිට කොපමන දුරකින් තිබුනෙ දැයි දැන ගත හැකිය. ජංගම දුරකථනය සම්බන්ද වූ කුළුන පමනක් නොව ඒ අවට පවතින අනෙකුත් දුරකථනය කුළුනු වෙත ද, ජංගම දුරකථනයෙන් නිකුත්වන තරංග ගමන් කරයි. එම තරංග වල ප්‍රබලතාවය මඟින් දුරකථන කුළුනු අවට සැරිසරණ ජංගම දුරකථන වලට, කුළුනේ සිට ඇති දුර ගණනය කල හැකිය. දුරකථන කුළුනු තුනක් මඟින් ලබා ගනු ලබන මෙම තොරතුරු මඟින් දුරකථනය ඇති ස්ථානය පහත රූපයේ දැක්වෙන පරිදි ඉතා නිවැරදි ලෙස පැවසිය හැකිය.
- පවතින කාලගුන තත්වය
- දුරකථනයෙන් සහ දුරකථන කුළුනේන් නිකුත්වන තරංග වල ප්‍රබලතාවය
- දුරකථන කුළුනු නඩත්තු කිරිමේ සහ විදුලි විසන් දි වීමේ අවස්ථාවන්
- දුරකථනය පවතින ස්ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය
- දුරකථන කුළුනේ උපරිම ධාරතාවය ඉක්මවීම
ජංගම දුරකථනයක් කුළුනක් සමඟ සම්බන්ද වීමට බලපාන මූලික කරුනු වනුයේ, දුරකථනය සහ දුරකථන කුළුන අතර තරංග වල ප්‍රබලතාවය සහ දුරකථන කුළුනේ උපරිම ධාරතාවයයි. සාමන්‍යයෙන් ජංගම දූරකථනය, හොදම තරංග ප්‍රබලතාවය පවතින දුරකථන කුළුන සමඟ සම්බන්ද වේ. හොදම තරංග ප්රබලතාවයක් පැවතියද, දුරකථන කුළුනේ උපරිම ධාරිතාවය ඉක්මවා ඇතිවිට ජංගම දූරකථනය වෙනත් ආසන්න දුරකථන කුළුනක් සමඟ සම්බන්ද වේ.
තරංග වල ප්‍රබලතාවයට පවතින කාලගුන තත්වය තදින් බලපානු ලබයි. වැසි සහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනක් වෙතින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවය, වැසි රහිත ප්‍රදේශයක ඇති දුරකථන කුළුනකින් නිකුත්වන තරංග වල ප්‍රබලතාවයට වඩා අඩුය. එබැවින් අපරාධකරු වැසි වසින අවස්සථාවක දුරකථන කුළුන ආසන්නයේ සිටිය ද ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය සම්බන්ද වනුයේ වැසි නොමැති ප්‍රදේශයේ ඇති දුරකථන කුළුනකට විය හැකිය.
උදාහරණයක් ලෙස, 2775 ලෙස සඳහන් දුරකථන කුළුන ඇති ප්‍රදේශයේ වර්ෂාව පවතී නම්, කහගොල්ල ප්‍රදේශයේ තිබෙන ජංගම දුරකථනයක් දියතලාව ප්‍රදේශය ආසන්නයේ ඇති 2791 දරණ දුරකථන කුළුනට සම්බද විය හැකිය. මෙහි දී අප ලබාගන්කනා දුරකථන වාර්තාව අනුව, කහගොල්ල ප්‍රදේශයේ සිටින්නකු, දියතලාව ප්‍රදේශය සිටින්නකු ලෙස වරදවා වටහා ගනියි.
දුරකථන කුළුනු නඩත්තු කිරිමේ අවස්ථාවක දී හෝ විදුලි විසන්දි වීමක දී දුරකථන කුළුන අක්‍රීයව පැවතිය හැකි බැවින්, ඒ අසල සිටින අයගේ ජංගම දුරකථනය ඉතා ඇතින් පිහිටි දුරකථන කුළුනක් සමඟ සම්බන්ද විය හැක. මෙහි දී අක්‍රීය වූ දුරකථන කුළුනු අසල සිටින අයකු, වෙනත් ප්‍රදේශයක සිට ඇතැයි වරදවා වටහාගනු ඇත.
කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා කුළුනේන් නිකුත්වන තරංග ලගා නොවන ප්‍රදේශ දුරකථන කුළුනක සෙවනැලි පෙදෙසක් ලෙස හැඳින්වේ. කඳු පංති සහ විශාල ගොඩනැගිලි වැනි බාධක නිසා දුරකථන කුළුනක් ආසන්නයේ සිටිය ද ලැබෙන තරංගය බොහෝ විට දුර්වල වේ. මෙවැනි සෙවනැලි පෙදෙසක සිටින අයකුගේ දුරකථනය, කුළුනට බොහෝ ඈතින් පවතින වෙනත් දුරකථන කුළුනකට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇත. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, කුළුනු පවතින ස්ථානයේ භෞතික තත්වය සහ කුළුනු පිහිටා ඇති ආකාරය අධ්‍යයනය කල යුතුය.
මේ අනුව, දුරකථන කුළුනු වාර්තාවක සදහන් කුළුන, ජංගම දුරකථනය භාවිථා කරන්නා රැදී සිටි ආසන්ම ස්ථානය ලෙස සැලකීම සැමවිටම නිවැරදි නොවේ. දුරකථන කුළුනු බොහෝ පවතින නාගරික ප්‍රදේශ වලදී මෙම වරද මඟින් සැලකිය යුතු බලපැමක් සිදු නොවන අතර, දුරකථන කුළුනු දුලබ ස්ථාන වල දී, මෙම වරද සැලකිය යුතු මට්ටමකට පැමිණිය හැක. එබැවින් දුරකථන කුළුනු වාර්තාවක් මත, නිගමන වලට එලබීමට ප්‍රථම, පහත කරුනු සළකා බැලීම අනීවාර්යය වේ.
මෙම කරුණු නොසලකා හරිමින් ඉදිරිපත් වන දුරකථන කුළුනු වාර්තා සත්‍ය තොරතුරක් ලෙස අධිකරණය පිළිගනු ලැබීම නිසා අපරාධකරුවන් නිදහස් විමට ද, නිවැරදි පුද්ගලයන් අපරාධකරුවන් විමට හැකියාවක් පවතී. එබැවින් දුරකථන කුළුනු වාර්තා මත නිගමන වලට එලඹීමට ප්‍රථම ඉහත සාධක ද සලකා බැලීම නුවනැති කරුණකි. අපරාධ විමර්ශන කටයුතු වලට දුරකථන කුළුනු වාර්තා මඟින් සුවිශාල සේවයක් සිඳු වුවද, එම වාර්තා පරම සත්‍ය වාර්තා ලෙස සැලකිය නොහැකි බව ඔබට දැන් වැටහෙනු ඇතැයි මම සිතමි.